ජාතික දියවැඩියා දින පාගමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවැත්වුණි.

“සුවබර හෙටකට අද වැඩ අරඹමු “ යන තේමාව යටතේ පැවති ජාතික දියවැඩියා දින පාගමන කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් ආරම්භ වී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙන් අවසන් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

හෙටට යෙදෙන ජාතික දියවැඩියා දිනට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය හා අන්තරාසර්ගවේදීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් මෙම පාගමන සංවිධානය කර තිබූ බව සඳහන් වේ.

නිරෝගී ජාතියක් බිහි කිරීමට සියලු දෙනාගේ කැපවීම සහ උනන්දුව වඩාත් අවශ්‍ය බව එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ජාතික දියවැඩියා දිනට සමගාමීව පැවැත්වූ සමස්ත ලංකා චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්ගේ චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනය ද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපතිවරයා අතින් විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.

 

 

 

LEAVE A REPLY