ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පැය කිහිපයකට පෙර තේරී පත්වුණා.

කේසේ වෙතත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග ලෝකයේ ප්‍රධාන පෙලේ රටවල කොටස් වෙලඳපළ කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාව චීනය හොංකොං තායිවානය වැනි රටවල මෙසේ කොටස් වෙළඳපළ කඩා වැටී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

එමෙන්ම ලංකාවේ කොටස් වෙළඳපලද, ඇමරිකානු ඩොලරයේ අගයද පහත වැටෙමින් ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් සිය ජයග්‍රහණයෙන් පසු කළ කතාවේදී ට්‍රම්ප් පැවසුවේ ඇමරිකානු ආර්ථිකය ලොව හොඳම ආර්ථිකය බවට පත්කිරීමට තමා ළඟ හොඳ සැළසුමක් ඇති බවකි.

LEAVE A REPLY