ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අතර බාල වයස්කාර විවාහ වැඩිවෙමින් පවතින බව සමීක්ෂණ වලින් හෙළි වී ඇතැයි කාන්තා සමාජ ක්‍රියාකාරිනියක වන නීතිඥ හසා නසේහු ඉසදීන් පසුගියදා හෙළිකර සිටියා.

ඒ මුස්ලිම් විවාහ සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතියේ විවාහයට එළඹෙන කාන්තාවන්ගේ වයස් සීමාව පිළිබඳව සඳහන්වී නැති බව පෙන්වා දෙන ඇය ‘ක්වාසි’ නමින් හැඳින්වෙන විශේෂ ආගමික විනිසුරන්ගේ අවසරය මත වයස 12 කට අඩු ගැහැණු දරුවකු වුවද විවාහ කර දිය හැකි බවයි ප්‍රකාශ කළේ.

එවැනි බාලවයස්කාර දැරියන්ගේ විවාහය නිසා ඇතිවන සමාජ ප්‍රශ්ණ පිළිබඳව සඳහන් කළ නීතිඥ හසා පැවසුවේ අවුරුදු 14 සහ 15 වැනි වයස් කාණ්ඩ වල දැරියන් සම්බන්ධ දික්කසාද නඩු වල දී අසන්නට ලැබෙන තොරතුරු මගින් හෙළිවන්නේ ඔවුන් විවාහ වී බිරිඳක ගේ කාර්යභාරය ඉටුකිරීමට තරම් කායිකව හා මානසිකව වැඩුණු අය නොවන බවයි.

“ඒ ගොල්ලො දික්කසාද කරන්න හේතුව විදියට කියන කරණා තමයි ඒ අය (දැරියන්) ලිංගික එක්වෙන්න බැහැ කියන එක, එයාගෙ (ස්වාමියාගේ) අම්මව බලාගන්නෙ නැහැ, ගෙදර වැඩ හොයල බලල කරන්නෙ නැහැ කියන එක වගේ පොඩි පොඩි දේවල්” යනුවෙනුයි නීතිඥ හසා වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ කාසල් රෝහලේ දරු ප්‍රසුතියට රෝහල් ගතවී සිටි වයස 14 ක දැරියන් තිදෙනෙකු මුණගැසුණු බව පැවසූ ඇය ගැහැණු ළමුන්ගේ මානසික වර්ධනය, අධ්‍යාපනය, මෙන්ම ශාරීරික ශක්තියට ද මෙම බාලවයස්කාර විවාහ වලින් දැඩි බලපෑමක් එල්ලවන බවයි ඇය පැවසුවේ.

අඩු වයසින් විවාහ වී දරුවන් ලබන මෙම දැරියන් දික්කසාද නඩු වල දී ‘ක්වාසි’ අධිකරණය හමුවේ දැඩි අපහසුවට පත්ව දික්කසාද වී දරුවෙකු සමග තනිවූ විටද විවිධ සමාජීය ගැටළු වලට මුහුණ දෙන බවයි නීතිඥවරිය ප්‍රකාශ කළේ.

මේ අතර ලොව පුරා වයස අවුරුදු පහළොවට අඩු බාල වයස්කාර දැරියන් අතුරින් එක් අයෙක් සෑම තත්පර හතකට වරක් විවාහ වන බව ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසයි.

මේ අතර මෙම ළමා විවාහ නතර කිරීමට නව නීති ගෙන ඒමට ශ්‍රී ලංකා නව රජය සැරසෙද්දී ඊට එරෙහිව මුස්ලිම් අන්තවාදීන් ඉතාමත් සුලු පිරිසක් දොවය්නේ විවිධ ස්ථානවල උද්ගෝෂණ ව්‍යාපරවල නියැලුනා ඔබට මතක ඇති.මෙම සියලු උද්ඝෝෂන වල පිටුපසින් සිටින්නේ බලය අහිමූ හිටපු පාලකයා බව ඔබට පහත ඡායාරූප වලින් සාක්ෂි සහිතව පෙන්වා දිය හැක.


14962993_10154150254836636_1240597028_n 14936915_10154150254896636_1212089589_n 14922924_10154150254796636_2012491641_o

 

LEAVE A REPLY