හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දෙසැම්බර් මස 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම ඇතුළ චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට එරෙහිව මහාධිකරණයේ නඩුව ගොනුකර තිබුණා.  එම නඩුව අද යළි කැදවූ අවස්ථාවේදී ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඉකුත් ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ව්‍යාජව සැකසූ ලේඛනයක් සත්‍ය ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීමේ චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව විභාග කෙරෙනවා.

ජනාධිපති තේරීම් පනත, ශ්‍රි ලංකා දණ්ඩ නීති සංග්‍රහය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේයි මෙම නඩුව සිදු කෙරුණේ.

LEAVE A REPLY