පසුගිය දින කිහිපයේ රටේ ප්‍රදේශ කිහිපයක පුද්ගල මිනී මැරීම් හා විවිධ පහරදීම් වාර්තා වූ අතර ඉන් ප්‍රධාන තැනක් ගනිමින් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ යාපනය ප්‍රදේශයේ සරසවි සිසුන් දෙදෙනකු හා පොලිසිය අතර ඇති වූ යම් සිදුවීමකින් සිසුන් දෙදෙනා මිය යාමත්, යාපනය ප්‍රදේශයේම පොලිස් නිලධාරීන් දෙදෙනකුට එල්ලවූ ප්‍රහාරයත්, මට්ටකුලිය ප්‍රදේශයේ ගැටුමකින් සිව් දෙනකු මිය යාමත් ආදී සිදුවීම් කිහිපයකි.
මෙම සිදුවීම් වල සත්‍ය හේතුන් සොයනවා වෙනුවට සමහරුන් ඒවා පිළිබඳව ආණ්ඩුවට චෝදනා එල්ල කල අතර එම සිදුවීම් මගින් දේශපාලන වාසි ලබාගෙන තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ බොර දියේ මාළු බෑමක ඔවුන් නිරත විය එමෙන්ම බුද්ධි අංශ වාර්තාවලට අනුව මෙය හුදෙක්ම දේශපාලන පටුවාසි ලබාගැනීම සදහා ආණ්ඩුවට විරුද්ධ පාර්ශවයන් විසින්ම මෙවැනි තත්වයන් රට තුල ඇතිකරන බව සදහන් කරයි
මෙසේ විවිධ වැරදි මත හා ජාතිවාදය හා ආගම්වාදය අවුළුවමින් විවිධ කට කතා සමාජගත වෙමින් පවතින බැවින් ශ්‍රී ලංකා පොලිසිය මේ පිළිබඳව රහස් පොලිසිය මගින් විශේෂ විමර්ශනයක් සිදු කොට ඇති අතර මෙම සිදු වීම් එකිනෙක බැදුණු සිදුවීම් හෝ ත්‍රස්තවාදී හෝ ආගම්වාදී සිදුවීම් නොව විවිධ පාතාල හා මැර කල්ලිවල ක්‍රියාවන් බවට අනාවරණය කොටගෙන ඇත.
එබැවින් නැවත හිස එසවීමට තැත් කරන පාතාලය මර්ධනය කිරීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් තම පෞද්ගලික අවධානය යොමුකොට විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා ඇති අතර උතුරේ මෙන්ම දකුණේත් දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි පාතාලය හා මැර කණ්ඩායම් මැඩලීම සඳහා මෙහෙයුමක් දියත් කොට ඇති බව පොලිස් ආරංචි මාර්ග වලින් දන ගන්නට ලැබේ…

LEAVE A REPLY