අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ ඉල්ලා අස්වීම රටට ප්‍රශ්ණයක් නොවන බවත් ප්‍රශ්ණය තිබෙන්නේ අල්ලස් කොමිසම ඇතුලු ආයතන ජනවාරි 8වනදා ජන්දය දුන් ජනතාවගේ ප්‍රාර්ථනා වලට යුක්තිය ඉටුනොවීම බවත් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී –  මහතා ඊයේ (18) ප්‍රකාශ කලේය.

ජනතා අභිලාෂයන්ට අනුව යුක්තිය ඉටුකිරීම සදහා ආණ්ඩුවට තව ඇත්තේ කෙටි කාලයක් බව සදහන් කල ඒ මහතා ජනවාරි 8ජනවරම ආරක්ෂා කිරීමට සියලු දෙනාට වගකීමක් ඇති බවද ප්‍රකාශ කලා.

ඒ මහතා මෙම අදහස් පළකලේ බුද්ධංගල ජිනවංශ හිමියන්ගේ මගේ දැක්ම පොත එළිදැක්වීමේ උත්සවයේ දේශනය සිදුකරමින්ය.

LEAVE A REPLY