භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වී මරණ දඬුවම හිමිවී ඇති මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින දෙමටගොඩ චමින්ද ලබාගත් ඡායාරූප කිහිපයක් පිළිබඳව මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබෙනවා.

මේ පිළිබඳව ඉකුත් සැප්තැම්බර් 22 වෙනිදා මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ, මරණ දඬුවම ලබා සිරගතව සිටින අයෙක් මෙවනි ඡායාරූප ගන්නේ කෙසේද යන්න සහ ඔවුන්ගේ මුහුණුපොත් තවමත් ක්‍රියාකාරීව පවත්වාගෙන යන්නේ කෙසේද යන්නය.

“මාගේ පියාගේ ඝාතනයට සම්බන්ධ මරණ දඬුවමට ලක් වූ දෙමටගොඩ චමින්ද ගේ මුහුණු පොතයි මේ. සැප්තැම්බර් 21 වෙනිදාත් මුහුණු පොත යාවත්කාලීන වී ඇ‍ත. බන්ධනාගාරයේ ලැප්ටොප් හෝ ස්මර්ට් ෆෝන් ලඟ තබාගෙන සිටින්නේ කෙසේද? පොලිස්පතිතුමනි, ඔබගේ අවධානය පිණිසයි..!

යලි නැවත මෙම ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වීමත් සමගම මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ “දැන් ඔබට පිලිතුරු ලැබී ඇත” යනුවෙනි.screen-shot-2016-10-27-at-2-22-58-pm screen-shot-2016-10-27-at-2-22-58-pm

 

LEAVE A REPLY