පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ මහාපරිමාණ වංචාවක් පිළිබඳ ඇමරිකාවේ FBI සහ ශ්‍රී ලංකාවේ FCID ඒකාබද්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙසේ පරීක්ෂණයට ලක්වී තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ Lobby Groups සඳහා කරන ලද ගෙවීම්ය. මේ අතර ඇමරිකාවේ සුප්‍රකට Squire Patton Boggs සමාගම සඳහා කරන ලද ගෙවීම් වේ.

ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය සහිතව අදාල සමාගම වෙත කරන ලද ගෙවීම් ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් ගෙවා ඇත්තේ පුද්ගලික ගිණුම්වලට බව මේ වන විට හෙලිදරව් වී තිබේ. මීට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පිළිබඳවද ඒකාබද්ධ විමර්ශණ සිදුවෙමින් පවතී.

පසුගියදා අත්අඩංගුවට පත්වී මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේද සහාය ඇතිව මෙම වංචාවන් සිදුවී තිබේ.

ඇමරිකානු ඩොලර් 3 22 027.35 ක ප්‍රමාණයක් පුද්ගලයන් දෙදෙනෙකු හරහා වංචා කළ බවට මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා නගා ඇති අතර එම මුදලින් ඇමරිකානු ඩොලර් 2 50 000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ බ්‍රෙන්ඩන් සෝසා නැමැත්තෙකුට අයත්  PP International සමාගමටද අනෙක් ඇමරිකානු ඩොලර් 82 027.35 ක ප්‍රමාණයක්  ඇමරිකානු ශ්‍රී ලාංකිකයෙකු වන විනෝද් බස්නායක නැමති අයට අයත් Paper Crown LLC සමාගම් හරහා වංචා කිරීම සම්බන්ධයෙන් ජාලිය වික්‍රමසූරිය මහතා චෝදනා ලබා සිටී.

මෙම  Paper Crown LLC සමාගම අයත් විනෝද් බස්නායක නැමැත්තා නාමල්ගේ අපසහායකයා ලෙස හදුනාගෙන ඇත. ජාලිය වික්‍රමසූරිය චෝදනා ලැබ සිටින්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 කට වුවත් නාමල්ට හා විනෝද්ට එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන ගණනක චෝදනා ගොනුවෙමින් පවතී.

එමෙන්ම ජාලිය වික්‍රමසූරිය මහතාගේ සොහොයුරා වන මේජර් ප්‍රසන්න වික්‍රමසූරිය පසුගිය ආණ්ඩුව සමයේ ගුවන් සේවා අධිකාරියේ සභාපති ධූරය හෙබවූ අතර ඔහු මේ වන විට ඇමරිකාවේ පදිංචිව සිටි ඇට්ලන්ටා ප්‍රදේශය හැර දමා සියෙටල්වලට ගොස් රහසේ ජීවත්වන බව රහස් පරීක්ෂකයන් විසින් මේ වන විට හෙලිදරව් කරගෙන ඇත.

jaliya_wickramasuriya-1

LEAVE A REPLY