නැවත බලයට ඒමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත්, එම නිසා රටේත් ජනතාවගේත් සංවර්ධනය සහ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග තමන් නොබියව නොපැකිලව ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජාත්‍යන්තර මිත්‍රත්වය ශක්‌තිමත් කරගෙන ඒ හොඳ හිත තුළ මේ රටේ ඉදිරි අනාගතය සාර්ථක කිරීම සඳහා තමන් සැම විටම ක්‍රියා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (13) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවසීය.

තව වසර දෙකක්‌ බලයේ සිටීමට පුළුවන්කම තිබියදී හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ගිය කාරණයට අදටත් පිළිතුරු නැති බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

මෙහි ප්‍රධාන දේශනය ඇම්ස්‌ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාම් මානික්‌කලිංගම් මහතා විසින් සිදුකළ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් තානාපති එච්. එම්. ජී. එස්‌. පලිහක්‌කාර මහතා විසින් සංවාද මණ්‌ඩපය මෙහෙයවීය. නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු, මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය දයාන් ජයතිලක යන මහත්වරු ඇතුළු විද්වත් පිරිසක්‌ මේ සඳහා සහභාගි වී සිටියහ.

2015 වසරේ සිට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති ගමන්මඟ පිළිබඳව කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවැති එම විද්වත් සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් මෙසේ ද කීය.

මම ඉතාම සතුටු වෙනවා මෙවන් සාකච්ඡාවක්‌ සදහා එක්‌වීමට ලැබීම පිළිබදව. අපේ රජයට මේ වන විට හරියටම අවුරුදු එක හමාරක්‌ සම්පූර්ණ වෙලා තිබෙනවා. ඒ අවුරුදු එකහමාරක රජයේ කටයුතුවල විවිධ අංශ පිළිබදව නොයෙක්‌ ආකාරයෙන් මාධ්‍ය තුළ, ජනතාව අතර ඒ වගේම දේශපාලන ක්‌ෂේත්‍රය තුළ විවිධ ආකාරයේ සංවාද, අදහස්‌, සාකච්ඡා පැවැත්වෙනවා.

අපේ විදේශ ප්‍රතිපත්තිය පිළිබදව එහි අඩු පාඩු මොනවාද ඒවා නිවැරදි කරගැනීම ස`දහා අලුත් අදහස්‌ හා යෝජනා මොනවද කියන එක සැලකිල්ලට ගැනීම ඉතා අවශ්‍යයි.

පසුගිය අවුරුදු එකහමාර තුළ අපේ ජාත්‍යන්තර සබ`දතා පිළිබ`දව බොහෝ ප්‍රසාදයන් වගේම ඇතැම් වෙලාවට දැඩි විවේචනයන් එල්ල වෙනවා. දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන එම චෝදනා බොහෝ වෙලාවට ප්‍රතික්‌ෂේප කිරීමට සිදු වෙනවා. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ අන්තර්ජාතික සංවිධාන ඒ වගේම ලෝකයේ උසස්‌ ආර්ථිකයන් තිබෙන රටවල් සමග තිබෙන සම්බන්ධතාව ඇතැම් වෙලාවට සමහර දේශපාලන ප්‍රතිවාදීන් වැරදි විදියට විග්‍රහ කරනවා.

ඒ විග්‍රහයන් තුළ කියනවා මම මේ රට පාවා දෙන්න ලෑස්‌ති වෙනවා කියලා. මේ රට ලෝකයේ බලවතුන්ට ආක්‍රමණය කිරීමට දෙනවා කියලා, ග්‍රහණය කර ගන්න දෙනවා කියලා සමහර අය කියනවා. මම ඒ සියල්ලම ප්‍රතික්‌ෂේප කරනවා. මේ අවුරුදු එකහමාරක කාලය තුළ මගේ අත්දැකීම්වලදී ලෝකයේ ජාත්‍යන්තර සංවිධාන සහ සියලු රාජ්‍ය නායකයන් අපේ ආණ්‌ඩුවට කිසිදු ආකාරයක බලපෑමක්‌ කර නැහැ. තර්ජනයක්‌ නැහැ. නියෝගයක්‌ නැහැ. අපි ඒ රටවල් සමග සාකච්ඡා කිරීමේදී ඒ සියලු දෙනාගේ පොදු අදහසක්‌ තිබෙනවා. ඒ පොදු අදහස තමයි රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, ජනතාවගේ නිදහස තහවුරු කිරීම, මානව හිමිකම් තහවුරු කිරීම, මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම ඒ තුළ ජනමාධ්‍ය ක්‌ෂේත්‍රය ඇතුළු සියලු ක්‌ෂේත්‍රවල නිදහස තහවුරු කිරීම.

ඒ සදහා අපි පසුගිය වසර එක හමාර තුළ විශේෂයෙන් 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන මගින් ගත් ක්‍රියාමාර්ග සාර්ථකයි කියා මම විශ්වාස කරනවා. අපේ අඩුපාඩුකම් අප විසින් සකස්‌ කරගත යුතු වෙනවා. අපි කරන්නේ පහසු කාර්යයක්‌ නොවේ. අපේ රටේ පැවති යුද්ධය භෞතික වශයෙන් අවසන් වුවත් නැවත යුද්ධයක්‌ ඇතිවීම වැළැක්‌වීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගෙන නැති බැවින් අප විසින් එම අසීරු කාර්යය සිදු කිරීම භාරගෙන තිබෙනවා.

මම ඊයේ වවුනියාවේදී සහභාගි වුණ උත්සවයේදී සිංහල, දමිළ, මුස්‌ලිම් පාසල්වල සියලුම දරුවන් සමග කතා කළා. දමිළ දරුවෝ කියනවා අපිට සලකන්නෑ අපිව බලන්නේ නැහැ. මුස්‌ලිම් දරුවෝ කියනවා අපිට සලකන්නෑ අපිව බලන්නේ නැහැ. සිංහල දරුවෝ කියනවා අපිට සලකන්නෑ අපිව බලන්නේ නැහැ කියා. ප්‍රශ්නය මෙයයි. එසේ නම් කවුරුත් තෘප්තිමත් නැහැ. අපේ රජය මෙන්ම පසුගිය රජයත් උතුරේ සම්පත් පුළුල් ලෙස භෞතික වශයෙන් සංවර්ධනය කළා. එහෙත් එය සිදුවුණේ ප්‍රමුඛතාවක්‌ මත නොවේ. අපේ රටේ පාසල්වල ගුරු හිඟය ඉතා උග්‍රයි. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්‌ෂේත්‍රවල ප්‍රශ්න බරපතළයි. යටිතල පහසුකම්වල අවශ්‍යතාවන් බරපතළයි. මම සැම විටම ක්‍රියා කරන්නේ ජාත්‍යන්තර මිත්‍රතාවන් ශක්‌තිමත් කරගෙන ඒ හො`ද හිත තුළ මේ රටේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමටයි. යුද්ධයක්‌ නැවත ඇතිවීම වැළැක්‌වීම ස`දහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්‌ම අපේ රජය ගන්නවා.

සංහිඳියාව සහ යහපාලනය යන වචනවල තිබෙන වටිනාකම් අපේ රටේ ඇතැම් අය තේරුම් නොගැනීම නිසාදෝ බොහෝ වේලාවට අවඥාවට ලක්‌කරනවා. අපේ රටේ අනාගතය පැහැදිලිවම තිබෙන්නේ සංහිඳියා පිළිවෙත ශක්‌තිමත් කිරීමෙන් සහ යහපාලන ප්‍රතිපත්ති සාර්ථක කිරීමෙන්, යථාර්තවාදී කිරීමෙන් බවයි මම දැඩි ලෙස විශ්වාස කරන්නේ. අපි සිදුකරන කාර්යය පහසු කාර්යයක්‌ නොවේ. අද ලෝකයේ කිසිදු රටකට තනිවම ජීවත් වීමට පුළුවන්කමක්‌ නැහැ. ජාත්‍යන්තර සබ`දතා ශක්‌තිමත්වීම තුළයි රටක දියුණුව තිබෙන්නේ. දැනුම, තාක්‌ෂණය, සම්පත් සියල්ල රටේ යහපත සදහා ලබා ගතයුතු වෙනවා. අන්තර්ජාතික මිත්‍රත්වය ජාත්‍යන්තර සංවිධාන සහ සියලු රාජ්‍යයන් සමග සබ`දතා ඉතා අවංකව විවෘතභාවයෙන් පැවැත්විය යුතු වෙනවා.

වසර දෙකක්‌ බලයේ සිටීමට පුළුවන්කම තිබියදී හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ගිය කාරණය පිළිබදව අදටත් පිළිතුරු දී නැහැ. ජාත්‍යන්තර සබදතා බිද වැටී තිබුණා. අන්තර්ජාතික වශයෙන් පිළිගැනීම පහළ වැටී තිබුණා. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සිට තිබූ සුහදතාවන් බිදවැටී තිබුණා. අද අපි කතා කරන ණය බරත් සමග ආර්ථිකය විශාල ලෙස බිදවැටී තිබුණා. යුද්ධය අවසන් වුවත් සිංහල, දමිළ, මුස්‌ලිම් ජන කොටස්‌ අතරේ සැකය, අවිශ්වාසය, බිය ඉවත් කර සියලු දෙනාටම සහෝදරත්වයෙන් ජීවත්විය හැකි පරිසරයක්‌ ගොඩනැඟී තිබුණේ නැහැ. අපිට රටක්‌ විéයට මේ ගැන විවිධ චෝදනා තිබෙනවා. ඒ සියලූ අභියෝග මැද්දේ හො`ද රටක්‌ හදන්නයි අපේ උත්සාහය. නැවත බලයට ඒමේ මානසිකත්වයෙන් තොරවයි මම වැඩ කටයුතු කරන්නේ. රටට අවශ්‍ය දේ සුදුසු දේ කිරීමයි මගේ අරමුණ. කෙටි කාලයකින් බලාපොරොත්තු වන සහන නොලැබෙන්න පුළුවන්. අපි ජාත්‍යන්තර වශයෙන් සිටියේ කොතැනකද කියා අපි තේරුම්ගත යුතු වෙනවා. ජාතික සංහිඳියා පිළිවෙත ශක්‌තිමත් කිරීමේ අසීරුතාව අපි පිළිගත යුතු වෙනවා. එහෙත් ඒ අසීරුතාවන් කෙසේ හෝ අප විසින් ජය ගතයුතු වෙනවා.

අද මේ සංවාදය තුළ ඉදිරිපත් කළ අදහස්‌ සහ යෝජනා පිළිබඳව සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්‌තුතිය පුදකරනවා. එම අදහස්‌ සැලකිල්ලට ගෙන අපේ අඩුපාඩුකම් සකසා ගෙන අද ජීවත් වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් සඳහා හොඳ රටක්‌ හදන්න අප සියලු දෙනාම එකතු වී සියලු වාදබේදවලින් ඉවත්වී මේ රට ගොඩනඟමු. ජාත්‍යන්තරයෙන් ලබා ගත හැකි සියලු සහයෝගයන් අපි ලබාගෙන අන්තර්ජාතික සබඳතා ශක්‌තිමත් කරගෙන මානව සමාජයේ ප්‍රබුද්ධ රටක්‌ ලෙස ඉදිරියට යමු යෑයි ද ජනාධිපතිවරයා එහිදී කීය.

LEAVE A REPLY