පහුගිය දවසක අපේ රවි ඇමතිතුමා කළ අයවැය කතාව අතරතුරදී මැති ඇමතිලා නිදාගත්ත හැටි බොහෝ මාධ්‍ය කතා කරලා තිබුණා වගේම සමාජ ජාලා වෙබ් අඩවි වල සිටින උදවිය මේ අයව හාස්‍යට ලක්කරලා විවිධ නිර්මාණයන් පවා කරලා තිබුණා.

එස් බී දිසානායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර‍ මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන ගාමිණි ලොකුගේ ලක්ෂ්මන් කිරිඇල්ල මහින්ද අමරවීර වැනි මැති ඇමතිලාට තමයි මෙහෙම නින්ද ගිහින් තිබුණේ.

මෙහෙම නින්ද ගිය මැති ඇමතිලා අතුරින් නිදාගැනීමට ප්‍ර‍සිද්ධ එක් ඇමතිවරයෙක් හිටියා.ඒ තමයි නිමල් සිරිපාලද සිල්වා.

අනෙක් හැමදාම වගේම එදත් අයවැය කතාව අතරතුරදි නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමාට නින්ද ගිහින් තිබුණා.

කොහොම වුණත් හැමවේලේම නිදාගන්නවා කියන අපේ ඇමතිතුමා ගැන මේ වන විට වෙනස්ම කතා පුවතක් ආරංචි වෙනවා.

ඒ තමයි ඇමතිතුමාට මෙහෙම හැමවෙලේම නින්ද යන්න හේතුවක් තියනවා කියන එක..මේ හේතුව නම් ටිකක් සංවේදී කාරණාවක්.

මේ කතාව කියන්න 1996ට යන්න වෙනවා.1996දී තමයි කොටි යාපනයෙන් එලවපු රිවිරැස මෙහෙයුම තිබ්බේ.මේ මෙහෙයුමෙන් අපේ හමුදාව ජයගත්තට පස්සේ එවකට රජයට විශාල වගකීමක් පැවැරෙමින් තිබුණා.ඒ, මුදාගත් ප‍්‍රදේශවල ආරක්ෂාව සැපැයීම මෙන් ම අත්පත් කරගත් ප‍්‍රදේශවල ජනජීවිතය යථා තත්ත්වයට පත්කරන්න.

මෙහෙම යාපනයේ සිවිල් පරිපාලනය ඇති කරන්න කලින් යාපනය ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතු කිරීමට අමාත්‍යවරුන්ට පැවරුණා.

විශේෂයෙන් ම යාපනය පුනරුත්ථාපනය කටයුතු සම්බන්ධයෙන් කාර්යසාධක බලකායක් ද පත් කෙරුණා.

මේ බලකායේ සභාපතිවරයා වූණේ එවකට නිවාස ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා අමාත්‍යවරයා වූ නිමල් සිරිපාල ද සිල්වා.

නැවත ගොඩනැගෙන යාපනයේ තත්ත්වය සොයාබැලීම, අවශ්‍ය පහසුකම් සැපැයීම අමාත්‍යවරයාගේ ප‍්‍රධාන කාර්යයන් වී තිබුණා.මේ අනුව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට යාපනය නගරයට දහ දොළොස් වතාවක් යන්නට සිදුවුණා.

ටිකෙන් ටික යාපනයේ ජන ජීවිතය නැංවෙමින් තිබුණා,යාථා තත්වයට පත්වෙමින් තිබුණා සංවර්ධන කටයුතු ආරම්භ වෙමින් තිබුණා.

අහිමි වුණත් තමන්ගේ හදවත බඳුවූ යාපනය නැවතත් මෙහෙම යාථා තත්වයට පත්වන හැටි කොටින්ට බලා ඉන්න පුලුවන්කමක් තිබුනේ නැහැ.

ඒ නිසාම මේ හැමදේටම නායකත්වය ගනිපු නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍ර‍හාරයක් එල්ල කිරීමට කොටි තීරණය කළා.

කොහොම කොහොම හරි කොටි සැළසුම් කළ ප්‍ර‍ාරය එල්ලවුනේ 1996 ජූලි මාසේ 4 වැනිදා.නිමල් සිරිපාලද සිල්වා ප්‍ර‍මුඛ පිරිසට එල්ල කළ මේ මරාගෙන මැරෙන ප්‍ර‍හාරයෙන් එවකට හමුදාවේ සිටි කීර්තිමත් නිළධරයෙකු වූ බි‍්‍රගේඩියර් ආනන්ද හමංගොඩ ඇතුළු 26 දෙනෙකු මියගියා.

කොහොම වුණත් වාසනාවකට මෙන් නිමල් සිරිපාලද සිල්වා මැතිතුමාගේ ජීවිතයට මින් හානියක් නොවුණත් එතුමාගේ හිසට බරපතළ තුවාල සිදුවුණා.

ඇමතිතුමාට දැන් මෙහෙම නින්ද යන්නේ ඒ ප්‍ර‍හාරයෙන් ඇතිවූ රෝගි තත්වයක් නිසා කියලයි කියන්නේ.මේ ප්‍ර‍හාරයේදී විසිවුණු බෝම්බ කෑලි අදටත් එතුමාගේ හිසේ තියනවාලු.මේ නිසා එකම ඉරියව්වකින් ඉද්දි අපේ ඇමතිතුමාට නින්ද යනවා.

මේ තත්වය පිළිබඳ අප කළ විමසීමකදී වෛද්‍යවරුන් පැවසුවේ එහෙම දෙයක් වෙන්න පුලුවනි කියලයි.

ඒ විතරක් නෙමෙයි ඔහුගේ ඇඟ ඇතුළේ තියන මේ බෝම්බ කෑලි නිසා MRI ස්කෑන් එකක්වත් කරගන්න අමාරුයි වගේම ගුවන් තොටුපොලවල් වල ස්කෑනර් පවා මගඇරලා යන්න ඇමතිතුමාට සිද්ධ වෙනවා කියලයි කියන්නේ….

nimal_siripala 14955950_10154207546378924_5861653509586621624_n

 

LEAVE A REPLY