අද පැවති උත්සවයකදී ජනාධිපතිවරයා කල ප්‍රකාශයක් හේතුවෙන් රැස්ව සිටි සියලු දෙනා තුෂ්නිම්භූතවී බලා සිටියහ.

”මගේ වෙබ් අඩ්විය හැක් කරපු දරුවව මට මැදිහත් වෙලා එළියට දාන්න තිබ්බ. ඒත් එහෙම කලානම් මම තාත්ත කෙනෙක් විදිහට කරන්නෙ වැරදි දෙයක්.” ජනාධිපතිතුමා එසේ කිව්වේ දිගු හුස්මක් ගනිමිනි. එම කතාවෙන් එතන සිටි සෑම දෙනාම සංවේදි විය.

ජනාධිපතිවරයා සිදු කලේ පියෙකුගේ වගකීමයි. සෙනෙහෙබර පියෙකු මෙන් ඊයේ දිනයේ එම සිසුවා ඇතුලු පවුලේ ඥාතීන් හමුවූ ජනාධිපති තුමා එම සිසුවා සමග සුහද කතාබහක නිරත වී ඔහුගේ ඉදිරි අනාගතයට සුබ පැතුවේ ඉමහත් ආදරයෙනි.ඔහුගේ හිස අත ගෑ ජනාධිපතිවරයා ඔහුට තිළිණයක්ද පිරි නැමීය.

මෙම සිසුවා අත්අඩංගුවට ගැනුණු මොහොතේ සමාජයෙන් විවිධ චෝදනා ජනාධිපතිවරයා ට එල්ලවූ නමුත් පරිවාස අධීක්ෂණය යටතේ මෙම සිසුවා තැබීම තුලින් ලද මගපෙන්වීම් ඔස්සේ මින්මතු නීතිවිරෝධී ක්‍රියාවල නොයෙදුනු ඇත.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තම නිල වෙබ් අඩවිය හැක් කල සිසුවාට ආදරයෙන් සුබ පතන විට පෙර සිටි ජනාධිපතිවරයාගේ අවදියේ දූෂණය පිලිබඳ තම හඬ අවදි කළවුන් සුදු වෑන් වලින් අතුරුදහන් වූ අතර අමු අමුවේ ඝාතනය වූ අයුරු සිහි නැගෙනා විටදී වර්තමානයේ ඇත්තේ යහපාලනය නොවෙයැයි පවසනුයේ කෙසේද?

 

LEAVE A REPLY