අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා නොවැම්බර් මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වරෙන්තු ලබා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා අද(24)උදෑසන නීතිඥයෙකු මගින් පොලීසියට බාරවීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

2002 වසරේ මීගමුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළව ඉදිරිපත් කර තිබු පැමිණිල්ලක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණද හෙතෙම විදෙස්ගතව සිටි අතර යළි දිවයිනට පැමිණියේ ඉකුත් 22දාය.

කෙසේ වෙතත් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සරත් කුමාර ගුණරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්මන්ත එපිටවෙල විසින් නියෝග කළ බව අප වාර්තාකරු කියා සිටියි.

LEAVE A REPLY