වර්ෂ 1503 -1566 වකවානුවේ ජීවත්වූ ලොව හොදම අනාවැකිකරු ලෙස සැලකෙන නොස්ට්‍රඩාමුස් අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ගැන අනාවැකි  පල කර තිබූ බව අපට වාර්තා වේ.

ඔහුගේ අනාවැකි අනුව මීලග අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙසයි අදාළ වාර්තාවල දැක්වුණේ.  ඔහුගේ අනාවැකි වල ට්‍රම්ප් නාමය සදහන් කර ඇත්තේ ට්‍රම්පට් හෙවත් බොරු කාහල නාදයක් ලෙස වන අතර  එසේම නව ජනාධිපතිවරයා හිට්ලර් වැන්නකුට සමාන වනු ඇති බවටද එමගින් අර්ථ දක්වා තිඛෙනවා.

එසේම මේ වන විට අමෙරිකානු ජනපතිධූරය දරනා ඔබාමා අමෙරිකාවේ අවසන් ජනපති ලෙසයි අර්ථ දක්වා ඇති අතර අනාවැකි  පැහැදිලි කරන්නන් පවසන්නේ ඔබාමා ජනපතිගෙන් පසුව අමෙරිකාවේ ලෝක ආධිපත්‍යය ගිලිහී යාම මෙසේ අර්ථ දක්වා ඇති බවයි.
කෙසේ වෙතත් නෙස්ට්‍රඩාමුස්ගේ සැබෑ වූ විස්මිත අනාවැකි අතරින් තවත් එක් අනාවැකියක් ලෙසයි මෙය සැලකෙන්නේ.
මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයගන්නා බවට සියලු පූර්ව මත විමසුම් අනාවැකි පල කරද්දී වසර 500 කට පෙර ජීවත්වූ අනාවැකිකරුවකු නම් ගම් සහිතව ජයග්‍රාහකයා හෙළිකර තිබීම කෙතරම් විශ්මයජනකද යන්න පිලිබදව ජනතාව තුල විශාල කතාබහක් නිර්මාණය වී ඇත.

LEAVE A REPLY