පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති බවත්, දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව සංවේදි විය හැකි බැවින් ඒ පිළිබඳ මේ මොහොතේ මාධ්‍යට ප්‍රකාශ කළ නොහැකි බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

අද(29)කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කියා සිටියේ නොවැම්බර් 07 සහ 25 යන දෙදින තුළ රැස්වූ මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

රාජ්‍ය සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳපළ කටයුතු සඳහා සේවක අර්ථ සාධක අරමුදල සහභාගිවීම 2016 ඔක්තෝම්බර් අවසානයේ සිට අත්හිටුවා ඇති බව ද මහබැංකු අධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY