මුදල් විශුද්ධකරන පනත යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පැවැත්වූ එක් පරීක්ෂණයක් අවසන්කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

පසුගිය පාලන සමයේ රගර් ක්‍රීඩාවේ දියුණුවට යැයි පවසමින් ක්‍රිෂ් නමැති ඉන්දීය සමාගමකින් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන එය වංචා කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එය කැඳවූ අවස්ථාවේදී පොලිසිය කියා සිටියේ පරීක්ෂණ අවසන්කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත්කර ඇති බවය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වගකියයුතු නිලදාරියෙකු අප වෙත පවසා සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් සිදුකරන බවය.

LEAVE A REPLY