යාපනය චුන්නාක්කම් ප‍්‍රදේශයේදි පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බව වාර්තා වේ.

යාපනය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රී භවානන්ද රාජාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සුලු තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා හදිසි අනතුරු එ්කකයේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් දෙදෙනාගෙ තත්වය බරපතල නොවන බවයි.

මෙසේ ප්‍රතිකාර ලබන්නේ සැරයන් (25747)- නවරත්න සහ පොලිස් කොස්තාපල් (46311) හේරත් යන දෙදෙනායි.වෙනත් පුද්ගලික ආරවුලක් සමතයකට පත්කිරීමට මොවුන් මැදිහත් වූ අවස්ථාවේ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට තුවාල සිදුවී ඇති බව සඳහන් වේ.

යාපනය සහ චුන්නාක්කම් ප්‍රදේශයේ මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂාව තර කර ඇත.තවද මෙම සිද්ධිය හා යාපනයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම අතර කිසිදු සම්බන්ධතාවක් නොපවතින බව අපට පොලිස් අභය්‍යන්තරික ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.එම වෙඩිතැබීමට සම්බන්ධ අශෝක් කුමාර් නමැති ද්‍රවිඩ ජාතිකා පොලිස් නිලධාරියා දැනට රිමාන්ඩ් භාරයේ සිටී.

14793882_1406790192679630_1240808828_n

LEAVE A REPLY