ටේලර් ස්විෆ්ට් යනු කවුරුන්දැයි හොලිවුඩ් සිනමාව ප්‍රිය කරන, බටහිර ගී ශ්‍රවණය කරන රසික පිරිස හොඳින්ම දන්නවා.

ඇය, ජනප්‍රිය නිළියක් සහ ගායිකාවක්. පසුගිය කාලයේ මේ තරුව ගැන නොයෙකුත් කතන්දර ගෙතුණා. ඇයගේ ආදරය පැතූ, ආදරය ලැබූ පෙම්වතුන් කිහිප දෙනකුම සිටියා.

ටේලර් ස්විෆ්ට් ගේ අලුත්ම පෙම්වතා ටොම් හිඩ්ල්ස්ටන්. ඔහු, හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක්.

පසුගිය දා මේ දෙදෙනා එංගලන්තයේ, ඉතාලියේ සහ ඇමෙරිකාවේ සංචාරය කළා. මුලින්ම ඇමෙරිකාවේ නාශ්විලී හි පැවැති ගායිකා සෙලීනා ගෝමස් ගේ ගී ප්‍රසංගයක් නැරැඹු මේ දෙදෙනා ඉන් පසුව එංගලන්තයට පිටත්ව ගියා. ඒ, ‍ටොම් හිඩ්ල්ස්ටන්ගේ මව මුණ ගැසීමටයි.

ඉන්පසුව මේ පෙම් යුවළ පියඹා ගියේ ඉතාලියේ රෝම නගරයටයි. මේ විදේශ සංචාරවලදී ඔවුන් දෙදෙනා ගමන් බිමන් ගියේ සුපිරි ගුවන් යානාවලයි.

විශේෂයෙන්ම ඇමෙරිකාවේ සහ ඉතාලියේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ඔවුන් දෙදෙනා භාවිත කළේ පෞද්ගලික ගුවන් යානායි. එම ගුවන් ගමන්වලට අති විශාල මුදලක් වැය වූ බවයි පැවසෙන්නේ.

ඒ විතරක් නොවෙයි, කුලියට ගත් සුඛෝපභෝගී මෝටර් රථ වෙනුවෙනුත් දෙදෙනා ලැගුම් ගත් සුපිරි හෝටල් වෙනුවෙනුත් අධික වියදමක් දරා තිබෙනවා. මේ නිසා අලුත් පෙම් යුවළගේ බැංකු ගිණුම් හිඳී ඇති බවයි ආරංචි.

(උපුටා ගැනීම-සිළුමිණ)

LEAVE A REPLY