මතුගම, මීගහතැන්න ප්‍රථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිස කටයුතු කළ ආකාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සේවා සංගමය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු කණ්ඩායම පාසලේ දේපලවලට හානි සිදු කිරීම, දරුවන් බියවැද්දවීම, පාසලේ ලේඛනවල බලහත්කාරයෙන් සටහන් යෙදීම ඇතුළු චෝදනා 06කට අදාළව සාක්ෂි පවතින බව එම සංගමය පෙන්වා දෙයි.

මැර ප්‍රහාරයට ලක් වූ විදුහල්පතිවරයා තවමත් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව ද ලංකා ගුරු සේවා සංගමය  අදාළ ලිපියේ  සඳහන් කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සමග පැමිණි පොලිස් නිලධාරීන් ද ඔහුගේ ක්‍රියාව අනුමත කරමින් ඊට සහය පළ කළ බව පෙන්වා දෙන ලංකා ගුරු සේවා සංගමය අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය.

LEAVE A REPLY