තම පුත‍්‍රයාගේ මරණය විවිධ අරමුණු සහ පටු දේශපාලන වාසි වෙනුවෙන් යොදා ගැනීමට ඇතැමුන් උත්සහ දරන බව පසුගිය දා මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නඩරාසා කජන්ගේ මව වන නඩරාජා සරෝජනී පවසනවා.

අප වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තම පුත‍්‍රයා හෝ තමන් කිසිදු සංවිධානයකට සම්බන්ධ නොමැති බවයි.

තම පුත‍්‍රයාගේ මරණය පිළිබඳ පොලිසිය සහ අදාළ ආයතන සාධාරණ පරීක්ෂණයක් පවත්වා නීතිය ක‍්‍රියාත්මක කරනු ඇතැයි තමන්  විශ්වාස කරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY