යාපනය විශ්වවිද්‍යාලයේ සරසවි සිසුන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීමට විරෝධය පළ කරමින් හර්තාල් පැවැත්වූ දිනයේ පොලිස් නිලධාරියෙකුට පහරදුන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ හර්තාල් පවත්වමින් පොලීසියට විරෝධය පළ කිලිනොච්චි ජනතාව අතර සිටි ඇතැමෙක් කළහකාරී ලෙස හැසිරෙමින් සිටියදී පොලීසිය මැදිහත්ව තත්ත්වය සමනය කිරීමට උත්සාහ ගනිද්දී එක් අයෙකු විසින් පොලිස් නිලධාරියෙකුට බෝතල් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

එහිදී තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා කිලිනොච්චි රෝහලෙන් අනුරාධපුර රෝහලට මාරුකර එවා ඇති අතර අද (26)පස්වරුවේ අදාළ ප්‍රහාරය එල්ල කළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ධර්මපුරම් පොලීසිය විසින් අදාළ සැකකරු අද ප.ව 3.30ට පමණ අත්අඩංගුවට ගත් බව අප කිලිනොච්චි විශේෂ වාර්තාකරු පවසයි.

LEAVE A REPLY