ශ්‍රී ලංකාවේ මෑතකාලයේ විශාල වශයෙන් මුල්‍ය වංචා පිලිබදව විවිධ කමිටු වාර්තා,සිවිල් සංවිධාන පැමිණිලි,විගණකාධිපතිගේ වාර්තා,අල්ලස් කොමිසම් වාර්තා,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයේ පරීක්ෂණ අවසන්කර ඇති වාර්තා නීතිමය පියවර ගැනීමට නීති මය පියවර ගැනීමට නීතිපතිවරයාට යවා ඇති අතර ඒවායේ ක්‍රියාකාරිත්වය ඉබිගමනින් සිදුවෙමින් පවතී.

පසුගිය පාලන සමයේ විශාල වංචා සම්භන්දව චෝදනා ලැබූ ගාමිණි සෙනරත් වැනි ඩිල් කාරයන්ව මේ වන තෙක් කිසිදු පියවරක් නොගැනීම රටේ ජනතාවට බලවත් අප්ප්‍රසාදයට ලක්වී ඇති බව කවුරුත් දන්නා නොරහසකි.

බැසිල් රාජපක්ෂට අයිති මල්වානේ ඉඩම,වසීම් තාජුඩින් ඝාතනය සිදුවන පරීක්ෂණ සම්බන්දව පරීක්ෂණ වෙනත් මගකට යොමු කිරීම, ඩේසි ආච්චිගේ මැණික් මල්ල වැනි වැනි විහිලු සපයන ක්‍රියා ඉදිරියේ රටේ සල්ලි හොරකම් කල මහා වංචා වසන් කිරීම,ඇවන්ගාර්ඩ් වැනි සිද්ධීන්,ක්‍රිෂ් ගනුදෙනුව වංචා වසන්කරන කාලයක් මේ වන විට සිදුවී තිබේ.

මෑත කාලයේ සිදුවූ බරපතල ගනයේ මුල්‍ය වංචාවක් වන මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දව කෝප් කමිටු වාර්තාව මේ වන විට එළිදැක්වීමට නියමිතයි.මොන වාර්තා පැමිණියද මෙවැනි මහා පරිමාන මුදල් හා දේපල වංචාකරුවන් සම්බන්ද පරීක්ෂණ සිදු නොවීම සහ මන්දගාමී ලෙස සිදුකිරීම යන හේතුන් මත මේ වංචාකරුවන් නිදහස්වීමට ඇති මාර්ග විශාල වශයෙන් විවර වේ.බැදුම්කර සිද්ධිය සම්බන්දව චෝදනා කිරීම පමණක් සිදුවී අවසානයේ මේ සිද්ධීන් ජනතාවට අමතකවූ පසු නිදොස්කොට නිදහස් කිරීම පමණි.

මේ නිසා රටට අහිමි වූ මුදල් අයකර ගැනීමට කිසිවෙකු කිසිම අයුරකින් සිදු නොකරන බව ඒ පිලිබදව කිසිදු පියවරක් නොගන්නා බව පැහැදිලිය.

බැදුම්කර වංචාවේ මුදල් අයකර ගැනීමට කිසියම් කිසියම් පියවරක් ගන්නේ නම් එය වැදගත් වන්නේ රටටය.හොරුන්ව හිරේ යැවීම දෙවනුව සිදුවිය යුතු නමුත්,පළමුව සිදුවිය යුත්තේ වංචාකල මුදල් අයකර ගැනීමය.

LEAVE A REPLY