බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කතා කරන සියලූම දෙනා ජාතියෙන් සමාව ඉල්ලිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එලෙස සමාව ඉල්ලිය යුත්තේ  ඔවුන් විසින් මෙතෙක් කල් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (02)ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එජාපයේ කැලණිය ආසන සංවිධායක ධූරය ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. මා විසින් ලබන සතියේදී මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය කැඳවා තිබෙනවා. ග්‍රීක් බොන්ඩ් සිද්ධිය ඇතුළු සියලූම දේ විභාග කොට ඒ කරුණු සියල්ලත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවෙන් ඒ ගැන ඉදිරි පරීක්ෂිණ සිදු කෙරෙනවා ඇති. ඒ පරීක්ෂණ ඒ අයුරින්ම ඉදිරියට සිදු කෙරෙනවා.
දැන් අපේ කාලය යෙදවිය යුත්තේ අයවැය ඉදිරිපත් කළ පසුව යහපාලන රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි.

කෝප් කමිටුවේ කාර්යය කරුණු සොයා වාර්තා කිරීම පමණයි. ඉන්පසුව ගත යුතු පියවර කුමක් දැයි පාර්ලිමේන්තුව තීරණය කරනවා. කෝප් වාර්තාවකින් හෝ වෙනයම් වාර්තාවකින් නඩු පවරන්න බැහැ. නඩු පවරන්නට හැකි දැයි සොයන ලෙස දැනුම්දීමට හැකියාව තිබෙනවා. දඩ ගසන්නට බැහැ. දඩ ගසන්නට හැකි දැයි නීතියෙන් යෝජනා කළ හැකියි. එහිදීත් ආණ්ඩුවේ පක්ෂනවල විවිධ මත ගැටුම් තිබුණා. නමුත් අවසන් යෝජනා එකමුතුව දිය යුතුය යන එකඟතාව අප තුළ තිබුණා. නමුත් අවශ්ය  නම් සමහර කාරණා ගැන විකල්ප අදහස් ලබාදිය හැකි බව අප පවසා තිබුණා. විශේෂයෙන්ම විගණකාධිපති වාර්තාව පිළිබඳව විග්රාහ දෙකක් තිබුණා. එම කමිටුවෙන් විග්‍ර දෙකම ඇතුළු කළා. තැන් කිහිපයකදී විගණකාධිපති වාර්තාව ගැන විග්රුහ දෙකක් තිබෙනවා. නමුත් අවසානයේදී තිබෙන්නේ එකම නිර්දේශ බවත් කිව යුතුයි. එම නිර්දේශ ගැන කිසිවෙකුගේත් මත ගැටුමක් නැහැ.

සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පැමිණියේ අපේ පක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් සංවිධාන රැසක ඉල්ලීම මතයි. ඒ අනුව ඔහු ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා බවට පත්වී තරග කළා. එම මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා වටා විශාල රැල්ලක් ඇති වේවි යැයි බය නිසා අවසන් කාලයේදී එම මැතිවරණය වෙනත් මගක ගමන් කළා. විශාල බලපෑම් සිදු වුණා. එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් ඡන්ද කාලවකවානුවේදී අතුරුදන් වුණා. එම මැතිවරණය එවැනි බලපෑම් වූ මැතිවරණයක් බව කිව යුතුයි. එම සිද්ධි පිළිබඳව දැන් අප ක්‍රමයෙන් විභාග කරමින් සිටිනවා. කොතරම් ප්‍රශ්න තිබුණත් සරත් ෆොන්සේකා මහතා අවසානයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණා.අවසානයේ එතුමන් කාර්යාලයෙන් ඇදගෙන ගොස් හිරේ දැමුවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය රණවිරුවන්ට සලකන්නේ නැතැයි රාජපක්ෂ රෙජිමය පවසන්නේ කුමන හේතුවක් නිසා දැයි මට නම් තේරෙන්නේ නැහැ. අප කිසිම රණවිරුවෙකු කකුලෙන් ඇදගෙන ගොස් හිරේ දැමුවේ නැහැ. වැරැදි තිබෙන අයට විරුද්ධව නඩු පවරනවා. සරත් ෆොන්සේකා මහතා හිරේ දැමීම පිළිබඳව මා නවදිල්ලි නුවරදී එහි ඇමැතිවරයෙකු සමග පැවසූ විට ඒ ඇමැතිවරයා ඔළුවේ අතගසා ගත්තා. අපේ රටේ මෙවැනි දෙයක් කළා නම් ආණ්ඩුව කඩා වැටෙනවා යැයි ඔහු මා සමග පැවසුවා. පෙර ආණ්ඩුව රණවිරුවන්ට සැලකුවේ ඒ ආකාරයටයි. ලංකාවේ දේශපාලන පළිගැනීමක් පිළිබඳව පෙන්වීමට අවශ්‍ය  නම් හොඳම අවස්ථාව සරත් ෆොන්සේකාගෙන් කළ පළිගැනීමයි. නමුත් දැන් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. එතුමන් පාර්ලිමේන්තුවට රැගෙනවිත් වගකීමක් භාර දෙන්න අපට අවශ්‍යතාවය තිබුණා. එය අපේ යුතුකමක්.

මෙරට යහපාලනයක් ඇති කිරීමට, තරුණයන්ගේ ප්‍රශ්න විසඳීමට සරත් ෆොන්සේකා මහතාට  කැපවීමක් තිබෙනවා. සැබෑ යහපාලනයක් ලෙස අප දැන් ආණ්ඩුව ගෙන යනවා.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එළිදැක්වුණු කෝප් වාර්තාව අපගේ විශාල ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුයි. මීට පෙර මේ අයුරින් පැහැදිලි තීරණයක් ලබාදුන් අවස්ථාවක් තිබේ යැයි කිසිවෙකුටත් කියන්නට බැහැ. මහ බැංකුව තිබෙන්නේ මගේ යටතේයි. මහ බැංකුව සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් තිබුණා. ග්‍රීක් බොන්ඩ් එක ගැන කිව්වා. පෞද්ගලිකව කොටස් දීමෙන් ලාභ ගැනීමක් ගැන කිව්වා. කොටස් වෙළෙඳපොළේ මගඩිය තිබුණා. මේ සියල්ල සලකා බැලූවා නම් එය විශාල වංචාවක්.
මෙම කරුණු විභාග කරන්නට පෙර මා විසින් පත් කළ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් චෝදනාවක් පැමිණියා. ඒ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවයි. මෙවැනි අවස්ථාවක රාජපක්ෂා රෙජිමය සිටියා නම් කරන්නේ කුමක්ද? සියලූම බලය යොදා චෝදනාව යටපත් කරනවා. සිමෙන්ති දමා වහනවා. ඒ ගැන කවුරුන් හෝ ප්‍රශ්න කළහොත් එක්නැලිගොඩ මෙන් උස්සා ගෙන ගොස් අතුරුන් කරනවා. එකළ නම් කිසිවෙකුත් ප්‍රශ්න අහන්නේ නැහැ.

LEAVE A REPLY