ශ්‍රී පාදය අසල පිහිටි ” මරේ වත්ත” නම් ප්‍රදේශයේ ඉදිවීමට නියමිතයැයි පැවසෙන අරාබි හෝටලයක් පිළිබඳව මේ දිනවල අන්තර්ජාලයේ පළවී ඇති පුවත දුටු අප ඒ ප්‍රදේශයේ භාර වනජිවි අධ්‍යක්ෂවරයාව දුරකතනයෙන් සම්බන්ද කරගත්තෙමු.
ඔහු සඳහන් කරන පරිදි මෙම සිද්ධිය සත්‍යක් බවත්, “ආපිකෝ සුපර් සෙන්ටර්” හී අයිතිකරු සේන යද්දෙහිගේ මහතාට රජ්‍ය විසින් 99 අවුරුදු බද්ධ යටතේ පවරා තිබු මෙම මරේ වත්ත ඉඩම, එකල ජනාධිපතිවරයාගේ සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ විසින් සේන යද්දෙහිගේ මහතාට කොළඹ තදාසන්න ප්‍රදේශයක ” ආපිකෝ වෙළඳසැලක් ” ඉදිකිර්මට ඉඩමක් ලබා දෙන්නම් යයි පොරොන්දුව මත මරේ වත්ත ඉඩම ඔහුගේ භාරයට ගෙන අරාබි ව්‍යාපාරිකයන් පිරිසකට ලබාදී ඇත.
ප්‍රදේශවාසීන් සඳහන් කරන පරිදි 40 වතාවකට ආසන්න වාරගණනක් හෙලිකොප්ටර් හා off Road වාහන මාර්ගයෙන් මෙම අරාබි පුදගලයන් කිහිප වරක් පැමිණ මෙම ඉඩම නිරීක්ෂණය කල බවත් ඔවුන් එහි විශාල පරිමාණයේ සංචාරක හෝටලයක් ඉදිකර එහි සිට ශ්‍රී පාදය දක්වා ” OFF-Road” මාර්ගයක්ද ඉදිකිරීමටද සැලසුම් කොට ඇති බවයි.
මෙමගින් අප රටේ හදවත බඳු අදිසංවේදී පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවන අතර සංස්කෘතික අතින්ද විශාල හානියක් සිදුවෙනවා නොඅනුමානයි.

LEAVE A REPLY