මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ චෝදනාවලින් හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නිදහස්‌ කරමින් කෝප් කමිටුවේ එජාප සාමාජිකයන් විසින්  බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අවදානය වෙනත් අතකට යොමු කරවීමට කටයුතු කරමින් සිටින බව ජවිපෙ බිමල් රත්නායක මන්ත්‍රිවරයා චෝදනා කරයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද(25) පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමිනි.

“කෝප් කමිටුවේ වාර්තාවක් ලෙස හුවාදක්වමින් කෝප් කමිටුවේ එජාප සාමාජික නියෝජ්‍ය ඇමති අජිත් පි පෙරේරා විසින් ඊයේ මාධ්‍යයට කල ප්‍රකාශයට අනුව මේ වනවිට බැඳුම්කර ගනුදෙනුවට අදාළ චෝදනා වලට වැරදිකරු වී ඇත්තේ  අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයයි. මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ චෝදනාවලින් හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්පුර්නයෙන් නිදහස් කිරීමට මෙමගින් එජාප උත්සහ කරනව”

මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත්තා යැයි පවසා  අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට එජාප යෝජනා කිරීමෙන් මෙම  බැඳුම්කර වංචාවට මුලිකව වගකියුතු  හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහු එම ධුරයට පත්කල රනිල් වික්‍රමසිංහද ඉන් නිදහස් කරගැනීමට ඔවුන්ගේ උත්සාහය බවද ඔහු පවසයි.

මේ අතර  අර්ජුන මහේන්ද්‍රන් මහතා බැඳුම්කර ගනුදෙනුවට වරදකරු බව පවසමින් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සකස්‌ කළ වාර්තාවට මේ වන විටත් එහි ජවිපෙ සාමාජිකයන් සහ ආණ්‌ඩුවේ සිටින එජනිස සාමාජිකයන්  බහුතරයක් අත්සන් තබා ඇතැයි කෝප් කමිටු සාමාජිකයෙක් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව පෙරේදා රාත්‍රියේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සහ එජාප ඇමැතිවරුන් කිහිප දෙනකු රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇතැයිද ඊට අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ මහ බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වී ඇතැයිද වාර්තාවේ. මහේන්ද්‍රන් මහතා නිදොස්‌ කරමින් එජාපය සකස්‌ කරන වාර්තාවට ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේද එකඟත්වය ලබා ගැනීම සඳහා එජාපය මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවද අප වෙත වාර්තාවේ.

 

 

LEAVE A REPLY