ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස රසික මංජුල බුද්ධදාස මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට අදාළ ලිපිය ජනාධිපති නිල නිවසේ දී බුද්ධදාස මහතා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ වසරක ප්‍රගතිය සහ ඉදිරි දැක්ම පිළිබඳ ප්‍රගති සමාලෝචනය අද(07) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වා තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරය ඩන්කන් වයිට් ශ්‍රවණාගාරය ලෙස නම් කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා විසින් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම මෙහිදී ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයින්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර තිබේ.

 

 

LEAVE A REPLY