මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට රැගෙන ගොස් තිඛෙනවා.

ඒ, පොලිස් ආරක්ෂාව යටතේ ඊයේ රාත්‍රියේයි.

දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම වී තිඛෙන්නේ භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන්.

මෙම දඬුවම නියම වීමෙන් පසු ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබූ අතර පසුව වෛද්‍ය නිර්දේශයක් අනුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඔහු රැගෙන ගොස් ඇත්තේ ද වෛද්‍ය නිර්දේශයක් අනුවයි.

දුමින්ද සිල්වාට මීට පෙර ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් නැවත උපදේශයක් ලබාගත යුතු බව මෙම නිර්දේශයේ සඳහන් වුණා.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඊයේ රාත්‍රී රැගෙන ගිය අවස්ථාවේ නියමිත වෛද්‍යවරයා එහි රැඳී නොසිටි බවයි වාර්තා වන්නේ.

ජයවර්ධනපුර රෝහළට ඇතුලත් කිරීමට වෛද්‍යවරුන් අකමැතිවීම නිසා නැවත බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි

 

LEAVE A REPLY