චීන රජයේ ඉල්ලීමක් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) උදැසන 7.30ට පමණ චීනය බලා පිටත්වී ඇත. මේ සදහා රජයේ මුදලින් ගුවන් ටිකට්පත් ඇතුළු පසුකම් සලසාගෙන ඇති අතර ඔහු සමග පස්දෙනෙකු ගමනට එක්වී තිබේ.

මෙම ගමනේදී මහින්ද රාජපක්ෂ මහතා විශේෂ පුද්ගලයෙකුද හමුවීමට නියමිතව තිබෙන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කර සිටියි. ඔහු නමින් මාස්ටර් කෙනී හෝ නමැති සුප්‍රසිද්ධ ෆෙන්ශුයි උපදේශකයාය. සිය ජනතා ආකර්ෂණය වැඩිකර ගැනීම සදහා පෙන්ෂුයි උපදෙස් හා භාන්ඩ මිලදීගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව අප වෙත වාර්තාවේ.

මින් පෙර අවස්ථාවකදී ලද ෆෙන්ෂුයි උපදෙස් මත ඒ මහතා සිය දකුණු අතේ විශේෂ බලයකින් යුතුජිල් බෝල මාලයක්ද පැළද සිටියි.

අවස්ථා කිහිපයකදී ලංකාවේ ජනප්‍රියම ෆෙන්ශුයි මාස්ටර්වරයා වන ආසිරි වනිගරත්න මහතා විසින් හිටපු ජනාධිපතිවරයාට ෆෙන්ශුයි උපදෙස් ලබාදීමට උත්සාහ කලද “අච්චූ පාන් ගෙඩි වල හිල් අස්සේ ප්‍රශ්න ලියපු කොල හංගලා පාන් ගෙඩිය විසික් කලාට මගේ ප්‍රශ්ණ විසදෙන්නෙ නෑ” යැයි පවසමින් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව අතීශය විශ්වාසදායක ආරංචිමාර්ග තහවුරු කර සිටියි. මෙම හේතුව නිසාම මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේඛම්වරයා වන උදිත් ලොකුබණ්ඩාර මහතා විසින් චීනයේ වෙසෙන මෙම ෆෙන්ශුයි උපදේශකයාට දැවැන්ත මුදලක් ගෙවමින් මහින්ද රාජපක්ෂ සමඟ සම්බන්ධ කර ඇත.

මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා චීනයේ ඩෆෝ විහාරයේදී විශේෂ මහායාන බෞද්ධ ආගමික ශාන්තිකර්ම කිහිපයකම නියැලීමට නියැමිතව තිබේ.

LEAVE A REPLY