එංගලන්ත ශ්‍රී ලංකා දෙවන එක්දින තරගයට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව එංගලන්තයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.

පසුගිය (21)දා පැවති දෙරට අතර පළමු එක්දින තරගය අතරතුරදී මැතිව්ස්ගේ කළවා ප්‍රදේශයේ ඇතිවු අබාධ තත්වය මීට බලපා ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම අබාධ තත්වය සම්බන්ධයෙන් නායක මැතිව්ස් ඊයේ (22) දිනයේදී වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිට ඇත.

එම පරික්ෂණ වාර්තා අද (23) දිනයේ ලැබීමට නියමීත බවත් ඉන් අනතුරුව එම වාර්තා සලකා බලා මැතිව්ස් හෙට තරගයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය පවසයි.

එසේම මෙම අබාධ තත්වය හේතුවන් පළමු තරගයේ එංගලන්ත ඉනිම අතරතුරදි නායක මැතිව්ස් ක්‍රීඩා පිටියෙන් ඉවත් වු අතර එ වන විට ඔහු පන්දුවාර 06ක් යවා කඩුලු 02 ක් ලබා ගැනීමට සමත්ව සිටියේය.

LEAVE A REPLY