හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පැවැත්වූ ඇවන්ට්ගාඩ් නඩුවට අදාල පරීක්ෂණ අවසන්කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිකරණයට දැන්වීය.

පසුගිය පාලන සමයේ සිදුවූ ඇවන්ට්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණයට සියලු ලිපි ගොනු සාක්ෂිවසයෙන්  ඉදිරිපත් කර තිබේ එසේම ඇවන්ට්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් හෙට දින  අධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ද කරුණු විමසීමට  නියමිතයි.

මාසෙකට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර රුපියල් ලක්ෂ 2 බැගින්වූ මුදල් ඇප හා රුපියල් මිලියන 10 බැගින්වූ ශරීර ඇප මත සැකකරුවන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් නියෝග කළ අතර සැකකරුවන්ට විදෙස් ගමන් තහනම්  නියෝගයක් ද නිකුත් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වගකියයුතු නිලදාරියෙකු අප වෙත පවසා සිටියේ බොහෝවිට ගෝඨාභය රාජපක්ෂ මහතාව හෙට දවස අත්අඩංගුවට රැගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඉඩ ඇති බවයි.

LEAVE A REPLY