ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදනම් ආයතනයේදී සිදුකරන ලද කතාව විකෘති ලෙස පළ කිරීම පිළිබදව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එම පරීක්ෂණ කටයුතු පිළිබදව වැරදි මතයක් සමාජගත කිරීම සදහා කූඨ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව තහවුරු වී තිබේ.

එදා රාජපක්ෂ ආණ්ඩු සමයෙහි හිරු මාධ්‍ය තහනමකට ලක් වූයේ කොටි ත්‍රස්තයන් විසින් ගමක මිනිසුන් ඝාතනය කලා යැයි අසත්‍ය පුවතක් විකාශය කිරීම හේතුවෙනි.
අද දෙරණ නාලිකාව විසින් ජාති,ආගම් බේද කරමින් අසත්‍ය පුවත් විකාශය කරමින් සහ ප්‍රවෘත්ති විකෘති කිරීම අතටම හසුවී, එදා මෙන් නොව නීත්‍යානුකූල ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ බව දැන ගත් දෙරණ නාලිකාව අමාත්‍යංශ ලේකම් වරයාට සහ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලකට එරෙහිව මඩ මෙහෙයුමක් ආරම්භ කොට ඇත.

රාජපක්ෂ පාලනයේදී මෙන් ජනමාධ්‍ය ආයත ගිනිතැබීම, පහරදීම සහ ජනමාධ්‍ය වේදීන් මරාදැමීම සහ අතුරුදහන් කිරීම හරහා ජනමාධ්‍ය ආයතන පාලනය කිරීම සිදුකලද යහපාලන රජයේ එසේ සිදු වන්නේ නැත. ජනමාධ්‍ය ලේකම්වරයා සතු බලතල අනුව නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම කිසිලෙසකවත් ජනමාධ්‍ය ආයතන වලට කරනු ලබන බලපෑමක් නොව ජනමාධ්‍ය ආයතන වලම සුභසිද්ධිය උදෙසා විය යුත්තකි.

කෙසේ වුවද මෙම ප්‍රශ්ණය අරභයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමන්ට සිදුකෙරෙමින් පවතින මඩ ගැසීම ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන්ගේ දැඩි පිළිකුලට ලක්ව තිබේ.

 

15139476_1444084235616892_688787749_n

 

LEAVE A REPLY