ඊයේ දිනයේ ඕස්ට්‍රේලියානු   ABC වෙබ් අඩවියේ සඳහන් වූ පරිදි SMEC සමාගම  පිළිබඳව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් පවත්වනු ලබන පරීක්ෂණයක් සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නම අලළා පල වූ ලිපියක් පිළිබඳ මේ වන විට කතාබහක් පවතී.
2009 දී SMEC සමාගමේ මෙරට කළමනාකරු ලෙස සලකනු ලබන දසනායක නමැත්තෙකු ඊමේල් පණිවිඩ ඔස්සේ තම SMEC මව් සමාගමට දන්වා ඇත්තේ කැබිනට් අමාත්‍යවරයෙකු වන මහවැලි අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් ඇ.ඩොලර්  මිලියන 1.82 වටිනා කමෙන් යුතු  ජලාශ වේල්ලක් සෑදීමේ කොන්ත්‍රාත්තුව SMEC සමාගමට ලබා දීම සඳහා රුපියල් මිලියන 2.5 මුදලක් පක්ෂ අරමුදල වෙනුවෙන් අපේක්ෂා කරන බවයි.තවද මෙතෙක් සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණ වලින් හෙලවී ඇත්තේ  කිසිදු මුදලක් මෙම සමාගම විසින් කුමන හෝ පාර්ශවයකට නො ගෙවා ඇති බවත් ය.
ජනාධිපති ප්‍රකාශකයෙකු විසින් මෙම කරුණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු  AGE පුවත් පතේ පරීක්ෂණ අංශයට සඳහන් කර ඈත්තේ මෙම සම්බන්ධව සිදු කරන පරීක්ෂණ යන්ට ජනාධිපති තුමා පූර්ණ  සහයෝගය ලබා දෙන බවත් ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සඳහා ඊට අදාල  මෙරට වගකිවයුතු නිලධාරීන් දැනුවත් කිරීමට නියමිත බවත්ය . තවද මෙම පුවතට අදාල සම්බන්ධීකරණ ලේකම්වරයාගේ  නම ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියද ඔවුන් ඒ සඳහා අපොහොසත් වී ඇත.
තවද මේ සිද්ධිය  සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පැවැත්වීමට   ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දීමට නියමිත බව සඳහන් වෙයි.
මෙම ආන්දෝලනාත්මක පුවත සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නම යොදා ගනිමින් ජනප්‍රිය පුවතක් මැවීමට මෙම වෙබ් අඩවි උත්සහ කර ඇති අතර මෙම පුවත් නිරීක්ෂණය මගින් ප්‍රත්‍යක්ෂ වෙයි. මෙම සිදුවීමට අදාල මුදල් ප්‍රමාණය පිළිබඳ නිශ්චිත සඳහනක් හා ඊට සම්බන්ධ නිලධාරීයා පිළිබඳ කිසිදු සඳහනක් නොකරන මෙම ඕස්ට්‍රේලියානු  පුවත්  අතර  පරස්පරතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැක.තවද මෙම සිද්ධි දාමයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමන් මහවැලි අමාත්‍ය වරයා ලෙස සිටි කාලයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු විසින් ඉල්ලීම් කල බවට සැක කෙරෙන මෙම මුදල හුදෙක් SMEC සමාගමේ කළමනාකරු  තමන්ට රුපියල් මිලියන 2.5ක මුදලක් ලබාගැනීමට සිදු කලා කූට ප්‍රකාශයක්  බවට ද සැකයක් පවතී.
ජනාධිපති මාධ්‍ය අංශයෙන් කල විමසීමකට අනුව එහි ප්‍රකාශක සඳහන් කලේ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අදාල ප්‍රවෘත්තිය සම්බන්ධව සොයා බැලීමක් සිදු කර ඇති අතර ; එය උක්ත SMEC සමාගමට අදාලව සිදු කරනු ලබන පරීක්ෂණයක් පමණක් බවත් එයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් වාර්තා වී ඇත.

LEAVE A REPLY