ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ෆේස්බුක් පිටුවට කැමැත්ත පලකොට ඇති සංඛ්‍යාව මේ වනවිට මිලියනය ඉක්මවා තිබෙනවා. සමාජ මාධ්‍ය යනු මෑත කාලයේ කාගේත් කතා බහට ලක් වන සුලභ කාරණයක් වන අතර මෙහිදී Facebook සමාජ මාධ්‍යට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. 2015 ජනවාරි 8 වන දින ඇතිවූ විප්ලවය සැලකුවේද – ” ෆේස්බුක් එකෙන් ආණ්ඩුව පෙරලුව ” යනුවෙනි. මේ සමගම වත්මන් ජනාධිපතිතුමාගේ ෆේස්බුක් පිටුව ගැන අපට කතා නොකරම බැරිය. හේතුව නම් ඉතා කෙටි කලක් තුල ඔහු ලබාගෙන ඇති ජනප්‍රියතාවය හේතුවෙනි. මාස 18ක් වැනි කෙටි කලකින් මිලියනයක් වූ සාමාජිකයන් පිරිසක් රැස් කර ගැනීමට එතුමා සමත් වී ඇත. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලකයකු ෆේස්බුක් හරහා සාමාජිකයන් මිලියනයක් රැස්කරගත් ප්‍රථම අවස්ථාවයි. ඒ ශ්‍රී ලාංකීය දේශපාලන ක්‍රියාධරයෙකු වටා එකතු වූ වැඩිම ලයික්ස් ප්‍රමාණය ලෙස සටහන් කරමින්. එහි ඇති විශේෂත්වය වනුයේ පසුගිය ජනාධිපතිවරණයේදී ද සමාජ මතය දැඩි ලෙස වෙනස් වීම කෙරෙහි මෙම සමාජ වෙබ් ජාලා වලට හැකිවූ බව සනාථ වීමත්, දේශපාලන පක්ෂ බේදයකින් තොරව එය පිළිගැනීමත් නිසාය. මෛත්‍රී ජනාධිපති වරයා මෙම මිලියනයේ සීමාවට ලක් වූයේ අවුරුදු එකහමාරක් පමණ කාලය තුළ වීමත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකියි.
ik

LEAVE A REPLY