අපේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නොනිල අන්දමින් මේ වන විට විවිධ කටකතා රට තුළ පැතිරෙමින් තිබෙනව්වා.

ඒ ජනාධිපතිවරයා විසින් පෙරේදා දිනයේ කල ප්‍රකාශයක් පදනම් කරගෙන යහපාලන ආණ්ඩුවේ ඩීල් දේශපාලකයන් කිහිප දෙනෙක් විසින් එම කථාව ව්කෘති කොට කරගෙන යන මාධ්‍ය ඇවිලීමකින් පසුවයි.
ආසන්තනතම සිදුවීම වූයේ ඊයේ රාත්‍රියේ බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථානවල නිලධාරීහු සියලුම දෙනාගේ හදිසි කැඳවීමකින් පසුව මේ අසත්‍ය කතා සඳහා විශාල ප්‍රතිචාරයක් ලබුනා.

කෙසේ වෙතත් දැනට කැඳවීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාතේ අපරාධකරුවන්, වරේන්තුකරුවන්, පාතාල කල්ලි සාමාජිකයින්, බීමත් රියැදුරන්, නිවාස බිඳීම්වලට සම්බන්ධ පුද්ගලයින් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම එම මෙහෙයුමේ අරමුණකින් බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ පැය 4ක කාලයක් මාර්ග බාධක, ජංගම මුර සංචාර සහ හදිසි සෝදිසි කිරීම් මේ යටතේ සිදු කර තිබේ. ඊයේ පස්වරුවේ සියලු පොලිස් ස්ථානවලට සීරුවෙන් සිටින ලෙසට නියෝග කර තිබුණේ, මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා බව ද අදාළ උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ.

මේ අතර මේ සියලුම කතා පුස්සක් කරමින් ඊයේ (13)රාත්‍රී කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ පෙරහැර මංගල්‍ය සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගිවූ ඡායාරූප පහතින් දැක්වෙනවා.

ranil-and-maithri 02 04-1 05 06

 

LEAVE A REPLY