රට තුළ ජාතිවාදී ගැටුම් ඇති කිරීමට ඉඩ නොතබන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රට පාලනය කළ සියලු පක්ෂවල අරමුණ රට තුළ අර්බුද ඇති කිරීම බවයි.

යාපනය ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය පාලන සමය යළිත් රට තුළ ජාතිවාදී අරගලයක් ඇති කිරීමට උත්සාහ දරන බවයි.

LEAVE A REPLY