රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ 14 වන ජාතික මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් දෙදහසකට ආසන්න පිරිසකට ඔප්පු ප්‍රදානය මෙහිදී සිදු කෙරුණු අතර සංකේතාත්මකව 12 දෙනෙකු වෙත ඔප්පු ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ වැඩසටහන ක්‍රියාත්මකය.

අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, වජිර අබේවර්ධන, එස්.බී. නාවින්න, අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක යන මහත්වරුන් ද ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අයි.එච්.කේ. මහානාම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සුමනතිස්ස තාඹුගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

15219645_10154600434891327_411128183895147136_n

15241756_10154600434136327_5502116458887474897_n

 

LEAVE A REPLY