විශ්‍රාමික ජනාධිපති සහ වත්මත් කු.පා.ම. මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා ශ්‍රීලනිප උප සභාපති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් නැගෙනහිර එල්ටීටීඊ නායක කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (29) පෙරවරුවේ ඔහුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබූ අතර එම ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද දින අධිකරණය හමුවට ඉදිපත් කල පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (29) නියෝග කළේ සැකකරුව දෙසැම්බර් 7 දක්වා බන්ධනාගාර ගත කරන ලෙසයි

 

LEAVE A REPLY