ගිං හා නිල්වලා ගංගා හැරවුම් ව්‍යාපෘතිය සඳහා ගෙවූ අත්තිකාරම් දුෂිත හා අක්‍රමික අයුරින් ගෙවා ඇති බවට දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා FCID ය හමුවේ පැමිණිලක් සිදුකර ඇති අතර එය මේ වනවිට විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

එ අනුව 2015 වර්ෂයේ ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය සඳහා 2015 වසරේ රුපියල් මිලියන 40ක් පමණක් වෙන්ව තිබියදී එ සඳහා රුපියල් මිලියන 3012ක් එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගම වන China CANC Engineering සමාගමට ගෙවා ඇති අතර එම ව්‍යාපෘතිය එම වර්ෂයේ ආරම්භ නොකොට අතහැර දමා ඇත. එසේ අත් හැර දැමු ව්‍යාපෘතිය සඳහා ඇප බැඳුම්කර රාජසන්තක කොට අත්තිකාරම් මුදල් මේවනතෙක් රජයට අයකරගෙන නොමැත එනම් මහා පරිමාණයෙන් රාජ්‍ය ධනය අවභාවිතයක් මෙහිදී සිදුවී ඇති බවට කරුණු වාර්තාවේ.

කැබිනට් අනුමැතිය අනුව 2015 වර්ෂයේ මෙම ව්‍යාපෘතියට මිලියන 40ක් පමණක් වෙන්ව තිබියදී මිලියන 3012ක් අදාළ සමාගමට ලබා දීම අනුව පාර්ලිමේන්තුව විසින් අනුමත නොකොට රුපියල් මිලියන 2972 ක් පාර්ලිමේන්තුවේ මුදල් බලතලද උල්ලංගනය කරමින් රටේ නීතියට පිටින් අයතා අයුරින් අවභාවිතා කලේ කාගේ උවමනාව මතද යන්න මෙහිදී ඇතිවන ගැටලුවකි.

තවද මෙම මුදල් වෙන්කළ ඇති කාල සීමා සලකා බැලීමේදී මෙහි පළමු මුදල් අත්තිකාරම ලෙස රුපියල් මිලියන 1000ක් 2014.11.24 දින ගෙවා ඇත.දෙවන  මුදල් අත්තිකාරම ලෙස රුපියල් මිලියන 2009ක් 2015.01.01 දින ගෙවා ඇත.තෙවන  මුදල් අත්තිකාරම ලෙස රුපියල් මිලියන 1003ක් 2015.01.06 දින ගෙවා ඇත. මේ අනුව රුපියල් මිලියන 4012ක දැවැන්ත මුදල් ප්‍රමාණයක් මෙම ආරම්භ හෝ නොකළ ව්‍යාපෘතියකට වෙන් කොට ඇත.

පසුගියදා ගාල්ල ප්‍රදේශයේදී මෙම වංචාව පිළිබඳව ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද අදහස් දැක්වූ අතර එතුමන්ගේ අවධානය මෙම වංචාවට අදාළ හොරුන් නීතිය හමුවට ගෙන ඒමට මේ වනවිටත් යොමු වී ඇති බව එයින් පැහැදිලිවේ එය සතුටට කරුණකි.

මෙසේ මිලියන දහස් ගණන් ආරම්භ නොකල ව්‍යාපෘතියකට ලබා දීම හා එම මුදල් වලින් මිලියන 3012ක් පසුගිය ජනාධිපතිවරණයට දින කිහිපයකට මත්තෙන් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කිරීම තුල රාජපක්ෂවරුන් මෙම මුදල් අවභාවිතයට සම්බන්ධකම් ඇති බව ඕනෑම මෝඩයෙකුට තේරෙන සත්‍යකි.

ඉහත කාලවකවානුවල මෙම ගෙවීම් එ අයුරින් කල බවට එවකට හිටපු හා දැනට සිටින වාරිමාර්ග හා ජාල කළමනාකරණ අමාත්‍යංශ ලේකම් වරුන් විසින්ද FCIDය හමුවේ ප්‍රකාශ ලබා දී ඇත.

මේ අනුව මනාව පැහැදිලිවන්නේ රාජපක්ෂ වරුන්ගේ අනුදැනුම මත මිලියන දහස් ගණනක් ජනතා මුදල් පිල්ලි ගැසීමක් සිදුව ඇති බව නොවේද? නැතිනම් මෙතරම් මුදලකට සිදුවුයේ කුමක්ද?

රාජපක්ෂවරු  ගිං නිල්වලා ගංගා හරවන මුවාවෙන් රාජ්‍ය භාණ්ඩාගාරය තම සේප්පුවකට හරවාගෙන රජයේ මුදල් අමු අමුවේ අවභාවිත කොට ඇති බව සිතිය හැකි අතර මෙම පරීක්ෂණ නිමා වන විට මෙම වංචා දුෂණ වලට අදාළ මහා මොළකරුවන් හෙළිවනු ඇත. එදාට මල් පොහොට්ටු පක්ෂ හෝ දේශපාලන ඩීල් වලට මුවාවී සිටින බොහෝ දෙනකු වැලිකඩ බලා නික්මෙනු ඇත.

  • මෙම මුදල් අවභාවිතය හා සම්බන්ධ FCIDය මගින් නිකුත්කළ බි වාර්තාව පහත දැක්වේ.

01-2

02-1-e1480347639726

03

04-e1480347528879

LEAVE A REPLY