විදේශීය මත්පැන් තොගයක් නීති විරෝධී ආකාරයෙන් ප්‍රවාහනය කරමින් සිටි රේගු නිලධාරියෙකු මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි ප්‍රධානී වින්ග් කමාන්ඩර් රවී ජයසිංහ මහතා සඳහන් කළේ පොලිස් විශේෂ කාර්යය බලකාය, යුධ හමුදා බුද්ධි අංශය, සුරාබදු නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකළ බවයි.

ඒ අනුව කොළඹ යෝක්වීදිය ප්‍රදේශයේ දී නවීන වර්ගයේ මෝටර් රථයකින් රුපියල් ලක්ෂ 4ක් වටිනා විදේශීය මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අදාළ රේගු නිලධාරීයා සහ ඔහුගේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව සැකකරුවන් දෙදෙනා මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර ඇත.

සිද්ධියට අදාළ නඩුව ලබන සිකුරාදා යළි කැඳවීමට නියමිත අතර සැකකාර රේගු නිලධාරීයාගේ වැඩතහනම් කිරීමට රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ප්‍රධානී රවී ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

ලක්ෂ 4ක රට මත්පැන් සමඟ 2ක් ‍කොටු

විදේශීය මත්පැන් තොගයක් මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කොටුව, යෝර්ක් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ති‍බේ.

රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා මත්පැන් බෝතල් 60ක් මෙලෙස  සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් ක‍ළේය.

‍මේ අතර ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කින්නියා, උප්පාරු පාලම අසළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ති‍බේ.

සැකකරු යතුරුපැදියකින් ගංජා ග්‍රෑම් 40කට වැඩි ප්‍රමාණයක් මෙලෙස ප්‍රවාහනය කරමින් සිට ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත භාරදී ති‍බේ.

 

LEAVE A REPLY