පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහින්ද රාජපක්ෂ පාලනය තිබූ වනචර දශකයේ 2008 වර්ෂයේදී උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ වරයාව (යක්ෂ නිලමේ) හිඳිමින් සිදුකළ රුපියල් ‎73 ලක්ෂ 90 දහස් 658 ක මූල්‍ය වංචාවක් පිළිබඳ පුරා වසර 7 ක් විභාග වූ නඩුවක තීන්දුව මාතර දිසා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අදාල චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර වරදකරු වුවහොත් මහ උළු ගෙදර උළු ගණන් කිරීමට ඉඩ සැලසෙනු අතර රාජපක්ෂලාට විසිටින් ගොස් එන අතරේ ජඩමාධ්‍යයට වොයිස් කට් දීමට තවත් අවස්ථාවක් ලැබෙනු ඇත.

නමුත් අධිකරණයට අදාළ ඇමැතිවරයෙක්ගේ දුරකථන ඇමතුමකින් තීන්දුව වෙනස් කර පා.ම. කාංචන විජේසේකරව නඩුවෙන් නිදහස් කොට නිදහස් කිරීමට දැවැන්ත සාකච්චාවක් පවත්වමින් යනබවට විශ්වාසනීය ආරංචිමාර්ග පවසයි.

කංචන විජේසේකර යනු දකුණේ ප්‍රකට දේශපාලඥයකු වූ මහින්ද විජේසේකරගේ පුත්‍රයා ය. පියා මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මොළයට සිදු වූ හානියෙන් මන්ද මානසික තත්වයට පත්ව ඇත. පියාගේ දේශපාලන ජීවිතය එසේ අහවර වෙද්දී කාංචන පියාගේ නම විකුණමින්  දේශපාලනයට පිවිසෙන්නේ ය.

දේවිනුවර විශ්ණු දේවාලයේ බස්නායක නිලමේ වරයා ලෙස තේරී පත් වන කාංචන ගේ හැසිරීම පියාගේ ක්‍රියා කලාපය පරාජය කෙළේය. පියාද එම දේවාලයේම බස්නායක නිලමේ වරයා වී කලක් රජ මානසිකත්වයෙන් සිටි බව නොරහසකි. පියා තුල තිබූ ගෝත්‍රිකවාදී සංකල්ප සියල්ලම කාංචන තුල ද තිබිණ.

2008 වසරේ දෙවිනුවර ඇසල මංගල්‍ය සමයේ දේවාලයේ බස්නායක නිලමේ වූ කාංචන විජේසේකර හැසිරෙන්නේ බස්නායක නිලමේ යනු ප්‍රදේශයේම මුලාදෑනියා ලෙස ය. දෙවිනුවර මහජන ක්‍රීඩාංගනය නොහොත් අතීතයේ කෝපියාවත්ත යන භුමියේ 1977 සිට ඇසල සල්පිල පවත්වයි. මෙහිදී සිදුවන්නේ පෙරහැර තිබෙන කාල සීමාවේදී අදාල භූමි භාගයේ කඩ වෙළඳ සැල් ඉදිකර සල්පිලක් පැවැත්වීම හා යාබද ප්‍රදේශයේ රථ ගාල් කිරීම තුලින් ටිකට් පතක් මාර්ගයෙන් දෙවිනුවර ප්‍රාදේශීය සභාව ආදායම් ඉපැයීම ය.

විශ්ණු දේවාලයේ ඇසල මංගල්‍යට සමගාමීව දෙවිනුවර ප්‍රදේශීය සභාව අදාළ ව්‍යාපාර කටයුත්ත සංවිධානය කරනු ලබන්නේය.

‎1977 – 03 – 22 සිට දෙවිනුවර මහජන ක්‍රීඩාංගනය නොහොත් කෝපියාවත්ත රජයට අයිති ඉඩමකි. එහි අයිතිය දෙවිනුවර ප්‍රදේශය සභාවට පවරා දී ඇත. ඇසල සල්පිල සෑම වසරකම පැවැත්වෙන්නේ අදාළ ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටියේ  නිත්‍යානුකුලව ප්‍රදේශ සභාවට හිමි දේපල තුල ය. සෑම වසරකම සල්පිල පැවැත්වීම සඳහා නිවැරදි ටෙන්ඩර් පටිපාටියක් ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව 2008 වර්ෂයේදීත් දෙවිනුවර ප්‍රාදේශීය සභාව ‎2008-07-05 දිනමිණ පුවත්පත් දැන්වීමකින් සල්පිල සංවිධානයට ටෙන්ඩර් කැඳවන ලදී. ඉහල ලන්සුවක් තැබූ පී.කේ. රත්නසිංහ මහතාට දෙවිනුවර ප්‍රදේශීය සභාවේ මුදල් හා ප්‍රතිපත්ති කමිටුව විසින් ඇසල සල්පිල සංවිධාන කටයුතු භාර දීමට තීන්දු කරන ලදී.

මේ සිදුවීම් දෙස බලා සිටි මරාවාදී දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ කාංචන විජේසේකර දේවාරූඪය වෙනුවට යක්ෂාරූඩ විය. වහා ලිපියක් මාර්ගයෙන් ‎2008-07-27 ඊනියා ස්ථාවරයක් ඉදිරිපත් කරන ලදී. එනම් 1986 මගේ පියා (මහින්ද විජේසේකර) බස්නායක නිලමේ වරයා සිටි කාලයේදී ඇසල සල්පිල පැවැත්වීමේ අයිතිය දේවාලයට පවරාගත් බවත් 1991 අධිකරණය එය එසේම තහවුරු කර ඇති බවත් ඇසල සැණකෙළියේ වියදම් පියවා ගැනීමට මෙවර ඇසල සල්පිල දේවාලය විසින් සංවිධානය කරන බවත් දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ ලෙස කාංචන විජේසේකර තමාට අයිතියක් ඇති බවත් එම ඊනියා ස්ථාවරය විය.

නමුත් සල්පිල පැවැත්වන ඉඩම ප්‍රාදේශීය සභාව සතු බවද කාංචන පිළිගෙන තිබිණ.

ප්‍රාදේශීය සභාව සමග තර්ක විතරක් මැද යක්ෂාරූඪ නිලමේ කාංචන විජේසේකර 2008 අගෝස්තු 8 හෝ ආසන්න දිනක අදාළ ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමේ ඇසල සල්පිල සංවිධානය ආරම්භ කරන්නේ නීත්‍යාණුකූලව නොව ඒකාධිපති මරාගේ දේශපාලන බලය සහ මැර බලය යොදා ගෙන ය. කාංචනගේ ක්‍රියා කලාපය පිලිබඳ දෙවිනුවර ප්‍රාදේශීය සභාව ‎2008 -08 – 13 දින අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. එහිදී අධිකරණය නඩු අංක FPL 621 යටතේ මාතර දිසා අධිකරණය කාංචන විජේසේකර බස්නායක නිලමේ වරයාට සහ ඔහුගේ සහායකයන්ට එම ඉඩමෙන් ඉවත්වන ලෙසත් සල්පිල පැවැත්වීමේ අයිතිය ප්‍රාදේශීය සභාව සතු බවත් ප්‍රකාශ කරමින් නියෝගයක් නිකුත් කරන ලදී.

අධිකරන නියෝගය සමග බස්නායක නිලමේ කාංචන විජේසේකර හමුවීමට යන ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට අමුතිත්ත කුණුහරුපයෙන් බැන වැදී එළවා දමන්නේ මරණ තර්ජනද එල්ල කරමිනි. උසාවි තීන්දුව තම අතට භාර නොගෙන සිටීමට කාංචන විජේසේකර දිගින් දිගටම ක්‍රියා කෙළේය. 

මෙසේ අධිකරණ නියෝගයට අවනත නොවූ කාංචන විජේසේකර සහ මැරයෝ ඇසල සල්පිල තම ගෝත්‍රික අධීක්ෂණය යටතේ තබා ගනිමින් රිසිසේ ලාබ පිට ලාබ ඉපැයීම ආරම්භ කරන ලදී. අනතුරුව ප්‍රාදේශීය සභාව වෙනදා රථවාහන ගාල් කර උපයන ආදායමද කාංචන විජේසේකර නිලමේ වරයාගේ ගෝලයන්ගේ අතට පත්විය. නීතිය මෙන්ම සමස්ත පරිපාලනයද අතට ගත් කාංචන නිලමේවරයා ‘දෙයියන්ගේ හාල්‘ රෑ මෙන්ම දවාලේ පවා මං කොල්ල කෑවේය.

සිදුවූ දේ පිලිබඳ ප්‍රාදේශීය සභාවට දෙවියන්ට පවා කීමට නොහැකි වුයේ අධිකරණ තීන්දුවක් පිළිනොගත් යක්ෂාරූඪ නිලමේ වරයා පාලනය කරන දේවාලයේ දෙවියොත් අපිව පිළිගනීද යන ගැටලුව නිසා ය. මරාගේ මැර බලයත් දේවාල බලයත් දෝතට ගත් කාංචන විජේසේකර නිලමේවරයා තමා අධිකරණයටත් යටත් නොවූ බව කියමින් පාරම්බෑවේය.

2008 වසරේ සිදුවූ මෙම මහා ගෝත්‍රික මංකොල්ලය මුලික කරගත් නඩුවක් මාතර දිසා අධිකරණයට 2009 ජුනි 25 වන දින SPL 641 යටතේ ගොනුකරන්නේ දෙවිනුවර ප්‍රාදේශීය සභාවයි. අදාළ නඩුවේ ප්‍රධාන වග උත්තරකරු වන්නේ කාංචන විජේසේකර ය. අදාළ පරීක්ෂන අනුව දෙවිනුවර ප්‍රාදේශීය සභාවට සිදුවී ඇති පාඩුව සහ බස්නායක නිලමේවරයා බලහත්කාරයෙන් උපයා ඇති අයුතු ලාභය ලක්ෂ 75 කට ආසන්න බව නඩුවට ගොනුකර ඇති ලිපි ලේඛන වල සඳහන් වේ.  කාංචන විජේසේකරට වහා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ප්‍රාදේශිය සභාවෙන් කොල්ල කෑ රුපියල් ‎73,90,658.00 මුදලට පොලිය සහිතව යලි ලබාදෙන ලෙසත් ඉල්ලා නඩුව ගොනු කරන ලදී.

අදාළ සිද්ධින් සලකා බැලු අධිකරණය 2009 දී සල්පිල පැවැත්වීමේ අයිතිය යලි දෙවිනුවර ප්‍රාදේශීය සභාවට පැවරූ අතර ප්‍රාදේශීය සභාවෙන් කොල්ල කා ගත් රුපියල් ‎73,90,658.00 මුදල සඳහා නඩු විභාගය මේ දක්වාම කාංචන විජේසේකර නම් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝත්‍රිකයාට විරුද්ධව මාතර දිසා අධිකරණය විභාග විය. පුරා වසර 7 ක් අධිකරණය නඩුව විභාග කර ඇත. මේ වනවිට ඉතිරිව ඇත්තේ බස්නායක නිලමේ වරයා ලෙස සිටිමින් 2008 වසරේ සිදුකල වංචාවට එරහි නඩුවේ තීන්දුව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ලබා දීම පමණි. එදා ‎2008-08-13 අධිකරණ තීන්දුව ඔහු විසින් පැහැර හැර ඇත. එය අධිකරණයට අපහාස කිරීමකි. 2009 දී අධිකරණය දෙවිනුවර ප්‍රාදේශීය සභාවට වාර්ෂික ඇසල සල්පිල පැවැත්වීමේ නිල අයිතිය ඇති බව පිළිගෙන ඇත.

එසේ නම් 2009 වර්ෂයේදී දෙවිනුවර ප්‍රාදේශීය සභාවෙන් කොල්ල කෑ ඇසල සල්පිලේ රුපියල් ‎73,90,658.00 මුදලට වැරදි කරු වීමේ ඉඩකඩ වැඩිය. අධිකරණ නියෝග පැහැර හැරීම සහ මුදල් වංචාව මත වරදකරු වුවහොත් කාංචන විජේසේකර මන්ත්‍රීගෝත්‍රිකයා තම පියාටත් වඩා ඉතාමත් අඩු කාලයකින් දේශපාලනයෙන් සමුගැනීමට සිදුවනු නියත ය. මන්ද මාස 3 කට වඩා සිරගත වුවහොත් මන්ත්‍රී ධූරය අහෝසි වීමත් ප්‍රජා අයිතිය අහෝසි වීමත් සිදුවන බැවිනි.

එපමණක් නොව කාංචන විජේසේකර නමැති ගෝත්‍රික දේශපාලකයා මරාගේම ගෝත්‍රික සංකල්ප මත ක්‍රියා කර ඇති බවට තවත් සාක්ෂිකයක් මතු වෙයි. එනම් ඔහු පළාත් සභා මැතිවරණයට තරග කරන අවස්ථාවේදී ප්‍රාදේශීය සභාවට අයත් ජීප් රථයක් මැතිවරණ කටයුතු සඳහා මරාගේ සහය ඇතුව ලබාගෙන ඇත. ඉන් පසුව මෛත්‍රිපාල ජනපතිතුමා පත් වූ වහාම තම ගජ මිතුරු තජික එදිරිසිංහගේ ගරාජයේ එම ජීප් රථය හංගන ලදී. පසුව එම රථය FCID මගින් සොයා ගත් අතර දැනට එම ජීප් රථය මාතර පොලිසිය භාරයේ ඇත. මේ සම්බන්ධයෙන් තජික එදිරිසිංහ මාතර පොලිසියට කට උත්තරයක්ද දී ඇත.

කාංචන විජේසේකර නමැති මන්ත්‍රී ගෝත්‍රිකයාගේ  දේශපාලන ජීවිතය රැක ගැනීමට දැන්නම් උපුල්වන් දෙවියන්ටවත් නොහැකිය. නඩු තීන්දු වෙනස් කිරීම සඳහා විනිසුරුවරුන්ට දුරකථන ඇමැතුම් දෙන ජනතාද්‍රෝහී අධිකරණයට අදාළ ඇමැතියා ගැන ජනතාව බලා ගනු ඇත. 

LEAVE A REPLY