විමල් වීරවංශ මහතාගේ නිවසේදි මිය ගිය තරුණයාගේ ශරිර කොටස් රස පරික්ෂක වෙත යැවිමට තිරණයවි තිබෙනවා. මෙම තරුණයාගේ මිය යෑම සම්බන්ධයෙන් නිශ්චිති තිරණයකට එළඹිමට නොහැකිවිම නිසාවෙන් විවෘත තින්දුවක් ලබා දෙමින් දකුණු කොළඹ අධිකරණ වෛද්‍යවරයා කියා සිටියා. මෙසේ මරණයට පත්වුයේ දකුණු හෝකන්දර අංක 71 නිවසේ පදිංචි 24 හැවිරිදි ලහිරු ජනිත් දිසානායකයි.

මියගිය තරුණයාගේ සිරුර ශ්‍රි ජයවර්ධණපුර රෝහලේ තැන්පත් කර තිබුණා. එම පශ්චාත් මරණ පරික්ෂණයේදි තරුණයාගේ නහායෙන් රුධිරය පිටවිමක්, මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් ගලා යාමක් සහ බෙල්ල ප්‍රදේශයේ තැලිම් ස්වභාවයක් මෙන්ම දකුණු අතේ සිරිම් සහිත අස්වාභිවික තත්වයක් රෝහල් මරණ පරික්ෂක විසින් හඳුනා ගෙන තිබෙනවා. එය මරණ පරික්ෂක පි.ඩි. ගලගෙදර මහතා විසින් තලංගම පොලිසියට දැනුම් දිමත් සමඟ පොලිසිය විසින් බී වාර්තාවක් මගින් කඩුවෙල මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කෙරුණා.

කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල විමල් වීරවංහ මහතාගේ නිවසට ගොස් මහේස්ත්‍රාත් පරික්ෂණයක් අද පැවැත්වූ අතර ඉන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා ජයවර්ධනපුර රෝහලට ගොස් තරුණයාගේ සිරුර ද පරික්ෂා කළා. මහේත්‍රාත්වරයා නියෝග කලේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දකුණු කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තා තමාට ලැබිමට සලස්වන ලෙසයි. එ අනුව පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ තින්දුව වුයේ සිරුරු කොටස් රජයේ රස පරික්ෂක වෙත යොමු කිරිමයි.

මියගිය තරුණයා කලක පටන් විමල් වීරවංශ මහතාගේ නිවසට පැමිණිමට පටන් ගෙන තිබෙනවා. සිද්ධිය වු දින රාත්‍රියේ සිය නිවසේ මෙම තරුණයා නතරවි සිටි බව අද පැවති මරණ පරික්ෂණයේදි ශාෂි වීරවංශ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

 

LEAVE A REPLY