පසුගියදා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේදී ඝාතනයට ලක් වූ ලහිරු ජනිත් දිසානායක නැමති තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුව වෙත පවරා ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විවිධ ආකාරයේ ප්‍රවෘත්තිද පලවෙමින් තිබේ.

මරණය සම්බන්ධයෙන් සිදු කළ මරණ පරීක්ෂණයේදීද මෙම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දුන් අතර තරුණයාගේ ශරීරයේ කොටස් රසපරීක්ෂකවරයා වෙතද යොමු කර ඇත. ළහිරු ජනිත්ගේ සිරුර පරීක්ෂා කළ මරණ පරීක්ෂක පී.ඩී. ගලගෙදර මහතාගේ නිරීක්ෂණයට හසුවූයේ මළ සිරුරේ නහයෙන් ලේ ඇවිත් තිබූ බවත්, කිසිවෙක් එම ලේ පිසදා තිබුණු බවත්ය. මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් ගලා යාමක්ද තොල් අස්වාභාවික ලෙස වියළී තිබූ බවද නිරීක්ෂණය කළ මරණ පරීක්ෂක වරයාට මළ සිරුරේ බෙල්ලේ දකුණු පසද, වම් පස පිට පැත්තට වන්නට උරහිස අසලද, බඩ දෙපසේද නිල් පැහැ ගැන්වී ඇති තැලුම් පහරවල් නිරීක්ෂණය විය. එම නිරීක්ෂණ පොලිසියට දැනුම් දීමත් සමග පොලිසිය විසින් බී වාර්තාවක් මගින් කඩුවෙල මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කෙරිණ.

ලහිරු ජනිත්ගේ මරණය ස්වභාවික මරණයක් ලෙසත් එය හෘර්දයාභාදයකින් සිදු වූ බවටත් තහවුරු කිරීමට වීරවංශ මන්ත්‍රීවරයා උත්සාහ කළද මරණය සිදු වී ඇති ආකාරය අනුව මෙම මරණය ඝාතනයක් බවට සාක්ෂි රැසක් අනාවරණය වෙමින් තිබේ. මෙම තත්වය තුළ ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පොලීසිය කටයුතු කර ඇත.

LEAVE A REPLY