පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී තරුණයකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජංගම දුරකථන හතක අැමතුම් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

ඔක්තෝබර් 26 දින මියගිය 24 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ ලහිරු ජනිත් දිසානායක තරුණයා හා සම්බන්ධ වූයේ යැයි සැක කෙරෙන ජංගම දුරකථන හතක දත්ත වාර්තා අනුව මෙම විමර්ශනය සිදු කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදී ඇත.

සමාගම් තුනකට අයත් ජංගම දුරකථන අංක හතක් පිළිබඳ විමර්ශනය කිරීමට අවසර ලබා දෙන්නැයි පොලිසිය මඟින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කළ ඉල්ලීමක් අනුව මේ අවසරය ලබාදී ඇත.

කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අදාළ අවසරය ලබාදෙමින් දත්ත වාර්තා ලබාදෙන ලෙස දුරකතන සමාගම්වලට නියෝග කර ඇත.

LEAVE A REPLY