පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා බරපතළ වාංචා විමර්ශන ජනාධිපති කොමිසමට කැඳවා තිබේ.

විමල් විරවංශ මහතා ඉදිකිරිම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යධුරය දැරූ සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදු වූ බව කියන රුපියල් එක් කෝටි 77 ලක්ෂයකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන්ය.

ඒ අනුව කොමිසම හමුවේ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

ඒ අතර පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතාගේ දියණිය අද(04) මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ තමන්ට මේ දිනවල ඇතැම් සමාජජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් සිදුකරන බරපතළ මානසික හිංසනයන් පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත මහතා සහ තම මව වන ශෂී වීරවංශ මහත්මිය සමග පැමිණ ඇය මෙම පැමිණිල්ල සිදු කළාය.

 

LEAVE A REPLY