මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ශ්‍රී පාද පුදබිමේ කිසිදු සංචාරක හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදි නොවන බව ශ්‍රී පාදස්ථානාධිපති අති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසා තිබෙනවා.
 
ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹීම සම්බන්ධයෙන් නල්ලතන්නියේදී රාජ්‍ය නිලධාරීන් හා පෞද්ගලික අංශ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ අදහස් පළකර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
 

මේ අතර 2016-2017 ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සහ පුජා භාණ්ඩ රත්නපුර බලාබද්දල මාර්ගය ඔස්සේත්,
රත්නපුර, අවිස්සාවෙල්ල හැටන් මාර්ගය ඔස්සේ සහ පැල්මඩුල්ල බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත් ශ්‍රී පාද මලුව දක්වා වැඩම කිරීමට නියමිත බවයි කියවෙන්නේ.
 
ශ්‍රී පාද වන්දනා වාරයේදී පොලිතින් භාවිතය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ද නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මාර්ගයේ සංයුක්ත තැටි අලෙවිය සම්පුර්ණයෙන් තහනම් කිරීමට මෙන්ම වන්දනාකරුවන් පැමිණෙන මාර්ගවල පිහිටි ජලාශවල දිය නෑම ද සම්පුර්ණයෙන් තහනම් කිරීමටයි තීරණය වී ඇත්තේ.

LEAVE A REPLY