මෙම රැස්වීම පැය හතක පමණ කාලයක් පමණ පවත්වා ඇති බව වාර්තා වෙයි.

පෙරවරු 10.00ට පමණ ආරම්භ වූ රැස්විම පස්වරු 5.00 ඉක්මවන තෙක් පවත්වා ඇති අතර එහිදි පක්ෂයේ ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රැස්වීමට සහභාගිවී නොමැත.

අමාත්‍ය දුමින්ද දිසානායක, හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න, නන්දිමිත්‍ර ඒකනායක, දකුණු මහ ඇමති ශාන් විජයලාල්ද සිල්වා, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් මෙම රැස්වීමට එක්ව සහභාගී වී ඇත.

LEAVE A REPLY