ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය අති උත්කර්ශවත් ලෙස කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බව අප ප්‍රාදේශය වාර්තාකරුවන්ගෙන් දැනගන්නට ලැබිය.
මෙහි විශේෂත්වය වන්නේ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරීමයි. බල තණ්හා නැති, සරල නායකයෙකු තමන්ට ලැබී ඇති බව සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂකයින්ගේ මතයයි.
මෙවර මෙම උත්සවයේ තේමාව ” අපේ ආදරණිය පක්ෂය හරි අතට ” යන්නයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රභල නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 4 වන දින පැවැත්වීමට නියමිත මෙම සංවත්සර උළෙලට 50,000 කට අධික පිරිසක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම සහබාගි වීමට නියමිත බව ආරංචි වේ.
මෙහි සජීවී විකාශයක් අන්තර්ජාලය හරහා හා රුපවාහිනි නාලිකා හරහා රටේ සියලුම ජනතාවට දැකගත හැකි වන ආකාරයට කටයුතු සුදානම් කර තිබෙන අතර මේ වෙනෛවිටත් කුරුණෑගල පරිශ්‍රය නිල් කොඩි වලින් සරසා ඇත.
1951 සැප්තැම්බර් මස 2 වන දින ආරම්භ කල ආදරණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන ජන්ම දිනය අද දිනට යෙදී ඇත.

LEAVE A REPLY