අද සමාජජාලයේ වැඩියෙන්ම කතා බහට ලක්වුනු මාතෘකාව ඇඩ්ම්ස් පීක් නැතිනම් ශ්‍රී පාදය.

ඉතින් මේ ගැන මගේ අදහස මේකයි..මුලින්ම මේ අපරාධ යට ඉඩ නොදිය යුතුයි..ලංකාවට ආදරේ කරන සියලු බලවේග මෙයට එරෙහිව සටන් කල යුතුයි..

මේ සිදුවීමට මුල් වෙලා තියෙන්නේ විදේශීය සමාගමක් ලංකාවේ අයෙකු සමග සමාගමක් වශයෙන් සංචාරක හෝටලයක් ශ්‍රීපාදය අසල ඉදිකිරීම.. නල්ල තන්නි ප්‍රදේශය අවට.. ශ්‍රිපාදය අවට මෙය ඉදිකරන්න යන ඉඩම නම් පෞද්ගලික යි..මීට වසර ගනනාවකට පෙර මේ ඉඩමේ හිමිකරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ…ඔහු මෙය ඉතා ඉහල මිලකට විකුනුවා මුස්ලිම් ජාතික කෝටිපතියෙකුට..ඔහු හා තමයි මුලින් කිව්ව සමාගම එකතු වෙලා තියෙන්නේ…

දැන් තියෙන ප්‍රශ්නය ඔතැන සංචාරක සුවිශාල හෝටලයක් ඉදිකලොත් ඒක ශ්‍රීපාද අභයබූමියට බලපාන්නේ කෙලෙසද..කියන එක..සහ ආගමික මතවාදය.. ඇත්තෙන්ම ආගමික වටිනාකමක් තියෙනවා.. ඒක අහන්න ඕනි නෑනේ..

මෙතන මම විරුද්ධ වෙන්නේ බුදුහාමුදරුවන්ගේ පාදය වෙනුවෙන් කෙලක් පරයන් මරා සටන් කිරීමට නෙමේ..මෙතන අද එක සංචාරක හෝටලයක් හැදුවොත් හෙට මෙතනින් නවතිනවද නෑ..මේ උරුමය විනාශ වෙනවා..අනික මේ වනාන්තර පෙදෙස්.

.හෙට දවසේ අපේ දරුවන්ට හුස්ම දෙන තුරු ගොමු… මේවා විනාශ කිරීම ඉමහත් අපරාධයක්..ශ්‍රීපාද වන්දනා කරන බෞද්ධ බැතිමතුන් පවා මේ බූමිය විනාශ කරනවා.. කොටින්ම සීත ගගුල අවට පරීක්ෂා වෙන් බැලුවොත් මේ මිනිස්සු කොයිතරම් විනාශකාරී දේ කරලද කියලා වැටහෙනවා.. අද මේක රැකගන්න ඕන ජාතිවාදය මුල් කොටගෙන හොටෙල් එක හදන්නේ මුස්ලිම් එකෙක් හින්ද නෙමේ..මොකා කරත් වැරදි නිසා.

.ශ්‍රීපාදය වෙනුවෙන් අද බුකියේ කෑගහන අපේ අය එක්වතාවක්වත් අවාරයට ශ්‍රීපාදය පිරිසිදු කරන්න ගියානම් බලාගන්න තිබුණා කොන්ඩම් පැකට් එකේ ඉදලා අරක්කු සිකරට් පැකට් එක දක්වා බුදුන් පය තිබ්බයි කියන පින් බිමට පූජා කරලා තියෙන හැටි…මීට කලින් දලදා මාලිගාව අසල ඉදිකිරීමක් සිදුකරන්න ගියා.එතැනදීත් විරුද්ධව නැගී සිටියේ..ඒ අපේ සංස්කෘතික උරුමයන්..අපි හැමෝම ම ශ්‍රීලාංකීය උරුමය.

.අපේ රට..මේක කියලා අද පෙන්නන තියෙන්නේ අපේ මුතුන් මිත්තෝ හදපු රැකපු මේ ගස් කොල මේ ගල් කනු විතරයි..ඒ ටිකටත් පාලකයො එකතුවෙලා කෙලියම මොකක්ද අපට පෙන්නන්න තියෙන්නේ… විල්පත්තුව අල්ටකියා එකට දුන්නා මහින්ද රාජපක්ෂ කියන පාලකයා..යහපාලනය ආවම මොකද කලේ නැවැත්තුවා ද … වරාය අගරයෙන් චීනයට ප්‍රාන බුක්තියටම කොටහක් ලියලා දුන්නා..මහින්ද … මෛත්‍රී ආවා නැවැත්තුවා ද… දැන් බැසිල් විකුනපු ඒ ඉඩමේ හෙට හෝටලයක් හදනවා..නවත්තාවිද..

. පාලකයෝ මොන නමින් ආවත් කලේ මේ රටට කෙලවපු එක. අපි ඔය මහින්දගේ පාටයි රනිල්ගේ පාටයි කිව්වට ඕකුන්ගේ මනුස්ස පාටවත් නෑ…ජනතාවට මේවා වැටහෙන්න ඕන..මුන් කරන අපරාධ .. ආන්ඩු මාරු උනා කෝ මේවා නැවැත්තුවද..මහින්ද පටන් ගත්ත එව්වා යහපාලනය ඒ ලෙසටම කරගෙන යනවා… අද අපි කටවහගෙන හිටියොත් හෙට අපේ දරුවන් අපට සාප කරාවි…මේකට එරෙහිව අම්මගේ සල්ලි වලින් ගත්තු එටිසලාට් සිම් එක කඩලා බුකියට දාලා වැඩක් නෑ.

.ඒක නම් කරනවා ලේසි නිසා..

.. මේවට කරන්න ඕන දැනෙන්න තරුණයෝ හරි එකතු වෙලා සටන් කරන්න ඕන.. වෙනමොකටවත් නෙමේ අපේ ශ්‍රිලාංකික උරුමය රැකගන්න..ස්වබාවදර්මය රැක ගන්න.. ඒකට ඔය ද්‍රවිඩ මුස්ලිම් කොල්ලන්ටත් එන්න බාදාවක් නෑ..මොකද ශ්‍රීලාංකීය උරුමය කිව්වම අපි ඔක්කොගෙම.. පාලකයන්ගේ ලනු වලට අහු නොවී වැඩක් ඇති වැඩක් කරමු..

නැත්නම් හෙට උඹලගේ හුස්ම ටිකත් රනිල්ලා මහින්දලා විකුණාවි…!

LEAVE A REPLY