ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අද ලංකාදීප පුවත්පතේ පලකල දැන්වීමක් සම්බන්ධව විවිධ විවේචන එල්ල වෙමින් පවතී.

මෙයට හේතුව වී ඇත්තේ මේ දිනවල පිටියේ දස්කම් දක්වන ක්‍රීඩකයෙකුගේ පුද්ගලික ජීවිතය  පිළිබඳව හා ඔහුගේ ක්‍රිකට් දක්ෂතා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පල කරවූ දැන්වීමක් වන මෙහි මව වියෝ වීම පිළිබඳව සඳහන් කලද සැබෑ සිදු වීම වී ඇත්තේ එම ක්‍රීඩකයාගේ පියා වියෝ වූ පසුව ඔහු තම ජීවිතය විවිධ කම්කටොලු වලට මුහුණ දෙමින් ගොඩනගා ගත් ආකාරය පිලිබඳව.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙසේ කිසිදු වගකීමකින් තොරව සිදුකරන ක්‍රියාකාරකම් නිසා එම ක්‍රීඩකයා මෙන්ම පවුලේ සාමාජිකයන්ද ඉතා අපහසුතාවට පත් වීමට අවස්තාව පවතින අතර වගකිවයුතු ආයතනයක් ලෙස මෙවැනි කරුණු කාරනා පිළිබඳව මීට වඩා වගකීමෙන් කටයුතු කිරීම සිදු කල යුතුය.
නැතහොත් රටේ ක්‍රීඩා ලෝලී ජනතාවට මෙන්ම ක්‍රීඩකයන්ටද එය මහත් කලකිරීමක් වනු ඇත.

 

14037602_10208930986224932_1896736569_o

 

LEAVE A REPLY