දෝෂාරෝපණ, චෝදනා සහ විවේචන කෙතරම් එල්ල වුවද රටේ පොදු මහ ජනතාව තමා ජනාධිපතිවරයා ලෙස පත් කර ගනිමින් වත්මන් රජය පිළිබන්නද් තැබූ බලාපොරොත්තු සහ විශ්වාසයන් එලෙසින්ම පවතින බව ජනාධිපතිතුමා පවසයි.

එම විශ්වාසය තුළ රට ඉදිරියට ගෙන යාමට රජයක් ලෙස වගකීම් ඉටුකරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ අද (26) පස්වරුවේ පානදුර නගරයේ පැවති පානදුර බලමණ්ඩලයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස ගොඩනගමින් අනාගතයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීම සදහා සිිය වගකීම් ඉටු කිරීම එය නියෝජනය කරන සියලූ මැති ඇමතිවරුන්ගේ වගකීම බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

දේශපාලනඥයින් දූෂණයෙන් වංචාවෙන් සහ අක‍්‍රමිකතාවයෙන් තොර පිරිසක් බවට පත්විය යුතු බවත් රටට, ජනතාවට ආදරය කරන, රටක්, ජතියක් ලෙස ගොඩනැගීමේ පවිත‍්‍ර චේතනාව ඇති කිසිවෙකුට මහජන මුදල් සහ රාජ්‍ය සම්පත් පෞද්ගලික සුඛ විහරණය සදහා භාවිතා කළ නොහැකි බවත් ජනාධිපතිතුමා කියා සිටියේය.

පොදු ජනතාවගේ ප‍්‍රශ්න විසඳමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී සැමට සාධාරණ සාමාජයක් ගොඩනැගීම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය බව පැවසූ ජනාධිපතිතුමා ලබන වසරේ අරඹන රට දිළිදුකමින් නිදහස් කර ගැනීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව පළාත් නවයේම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආර්ථික සහන සළසමින් ඔවුන්ගේ සුබසාධනය සදහා කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.
……………………………………………………………………
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහී පක්ෂයක් බවට පත්කිරීමට තමා සූදානම් බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිට අභියෝග හමුවේ ඉදිරියට පැමිණ ජයග‍්‍රහණය කළ පක්ෂයක් බව පැවසූ ජනාධිපතිතුමා එය ඉදිරියේදී ද එලෙසින්ම සිදුවන බව කියා සිටියේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (26) පෙරවරුවේ ගාල්ල නගර ශාලාවේ පැවති ගාල්ල දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන අමතමිනි.
ලබන වසරේ මැද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කිරීමේ වගකීම තමන් ස්ථිරවම ඉටු කරන බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඉදිරි මැතිවරණ සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරන්නේ එහි ඓතිහාසික ලාංඡුනය වන අත ලකුණෙන් බවත්, සියලූ වාම ප‍්‍රගතිශීලි බලවේග පක්ෂය වටා ඒකරාශි කර ගනිමින් පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් කියා සිටියේය.
ආණ්ඩුවේ කටයුතුවලදීද පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින, ජනතාවට ආර්ථික සහන සළසන මෙන්ම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින පක්ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම් ඉටු කරන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
උතුරේ අන්තවාදයත්, දකුණේ අන්තවාදයත් ප‍්‍රතික්ෂේප කර රටේ සියලූ ජන කොටස්වලට විශ්වාසයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා ලෙස තමා වැඩ කළයුත්තේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් බව ද මෙහිදී කියා සිටියේය.
වංචාව, දුෂණය, අක‍්‍රමිකතාවය බැහැර කර ජනතාවගේ මුදල් සාක්කුවේ දමා නොගෙන අවංකව වැඩ කරන්නේ කෙසේදැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස රටේ සියලූදෙනාට අලූත් පාඩමක් ඉගැන්වීම අත්‍යාවශ්‍ය වි ඇති බවද පැවසූ ජනාධිපතිතුමා පසුගිය රජය සමයේ නිල් වලා ගඟ ව්‍යාපෘතිය සදහා යැයි පවසමින් සිදුකළ රුපියල් මිලියන 4012 ක මුදල් අක‍්‍රමිකතාවයක් පිළිබදවද කරුණු අනාවරණය කළේය.
රටේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ ප‍්‍රධාන සහාය ලබාදෙන ලෙස තමා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා වෙතින් ඉල්ලීමක් සිදුකර තිබෙන බවද පැවසූ ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවෙන් මේ වන විට ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇමරිකානු නව ජනාධිපතිවරයා වෙත යොමු කර විශේෂ නියෝජිතයින් මාර්ගයෙන් සාකච්ඡුා පවත්වා මෙම තත්ත්වයෙන් සම්පූර්ණයෙන් රට නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ස්ථිරවම ජයග‍්‍රහණය අත් කරගත හැකි බව තමා විශ්වාස කරන බවත් කියා සිටියේය.
ජාත්‍යන්තර දේශපාලනයේ විශිෂ්ට වාමාංශික මානවවාදී නායකයෙකු වූ කියුබාවේ හිටපු නායක පිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය පිළිබදව ද මෙහිදී ජනාධිපතිතුමා සිය කණගාටුව පළ කර සිටියේය.

 

 

LEAVE A REPLY