අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙනඒමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද මේ පිළිබඳ ප්‍රශ්න නැඟූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව කියා සිටි‍ බව අප වාර්තාකරු පැවසීය.

අතුරුදන්වූවන් ගැන සොයාබැලීම සඳහා වන කාර්යාලය ස්ථාපිත කිරීමට ගෙනා පනතට ජවිපෙ විසින් ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් කර නැති බවට මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න නැඟීය.

එහිදී ඔහු පෙන්වාදුන්නේ අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එකඟතාවය පළ කළ නමුත් මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

මෙහිදී අගමැතිවරයා කියා සිටියේ ජවිපෙ සංශෝධන ද ඇතුළත් පනත් කෙටුම්පතක් ගෙනඒමට හැකි බවයි.

LEAVE A REPLY